Featured News

Video Gossip

Advertisement

හාර ලක්ෂ දොලොස්දහසක දඩ මුදලක් අය කරගෙන

2019-2020 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ වි මාස දෙකකට අඩු කාලයක් තුල හැටන් මාර්ගය ඔස්සේ විවිධ මත්ද්‍රව්‍යය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 300 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරුවන් අධිකරණය හමුවේ වරදි පිලිගත් නිසා එම චුදිතයන්ගෙන් රු හාර ලක්ෂ දොලොස්දහසක දඩ මුදලක් අය කරගෙන ඇති බව හැටන් පොලිස් අධිකාරි චුලින විරරත්න මහතා පැවසිය.
කේරල ගංජා , හෙරොයින් , අසිස් ,අයිස් ,වෙනත් මත් ද්‍රව්‍යය සහ තිරුබදු සහිත දුම්වැටි රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයනුයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ.

හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකය , හැටන් පොලිසිය , ගිනිගත්හේන,නල්ලතන්නිය , වටවල , මස්කෙලිය , නෝටන්බ්‍රිජ් , බගවන්තලාව සහ නොර්වුඩ් යන පොලිස් ස්ථාන වලින් ශ්‍රි පාද වන්දනාකරුවන් පැමිණි වාහන සහ වන්දනාකරුවන්ව දියගල සහ අදාල පොලිස් බල ප්‍රදේශවල සිදු කරන ලද පරික්ෂාවන් වලදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට කටයුතු කල බවයි පොලිස් අධිකාරිවරයා කියා සිටියේ.

ශ්‍රි පාදස්ථානය පුජනිය ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කිරිමක් සමග ශ්‍රි පාද වන්දනා සමයේදි මත්ද්‍රව්‍යය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණිමෙන් වලකින ලෙස මාධ්‍යය මගින් දැනුවත් කර තිබියදි එම දැනුවත් කිරිම් නොතකා ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවයි පොලිස් අධිකාරිවරයා කියා සිටියේ.

මේ අතර මත්ද්‍රව්‍යය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරු අත්අඩංගුවට ගැනිම සදහා පොලිසිය විසින් දියත් කර ඇති විශේෂ ආරක්ෂිත වැඩපිලිවෙලට නල්ලතන්නිය නගරයේ ඇතැම් සංචාරක හෝටල් හිමියන් සහ ආපන ශාලා හිමියන් සිය විරෝධය දක්වා ඇති බවද පැවසෙන අතර , ශ්‍රි පාද වන්දනා සමයේදි නල්ලතන්නියේ ඇතැම් සංචාරක හෝටල් හිමියන් සහ ව්‍යාපාරිකයන් පාරිභෝගිකයන්ට නරක් වු ආහාර පාන ලබාදෙන බවටත්, එ සදහා අධික මුදලක් අය කරන බවටත් පසුගිය දා වාර්තා වි තිබුණි.

ශ්‍රි පාද අවාරයේදි පාංශුකුලය දිමට නල්ලතන්නිය ප්‍රදේශයේ කිසිදු සංඝරත්නයක් වැඩ නොසිටින බවත්, ශ්‍රි පාද වන්දනා සමයේදි නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ ශ්‍රි පාද වන්දනාකරුවන් නොමග යවා ආධාර සහ සම්මාදම් එකතු කිරිමට විශාල පිරිසක් මාර්ගය දෙපස දිවා රාත්‍රි දෙකේ රැදි සිටින බව නල්ලතන්නිය ප්‍රදේශවාසින් පවසයි.

නරක් වු ආහාර ශ්‍රි පාද වන්දනාකරුවන්ට ලබා දුන් වෙලදසැල් හිමියන් කිහිප දෙනෙකු මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි. 

– හැටන් රංජිත් රාජපක්ෂ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements