Featured News

Video Gossip

Advertisement

දක්ෂතා සම්බන්ධයෙන්ද ඔවුන් අසතුටින්
ඇන්ජලෝ මැතිව්ස්ට හෝ දසුන් ශානකට හිමිවීමට ඉඩ

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි විස්ස නායක ලසිත් මාලිංගගේ බර අඩු කර ගන්නා ලෙස පුහුණුකරුවන් පවසා ඇතැයි ඉතාමත් විශ්වාසදායී ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. ඒ අනූව කි. ග‍්‍රෑ. 10 කට ආසන්න ප‍්‍රමාණයක් ඔහුගේ බර අඩු කර ගන්නා ලෙස පුහුණුකරුවන් විසින් උපදෙස් දී ඇත.

ලසිත් මාලිංගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී ඔහුට මෙම පණිවුඩය ප‍්‍රධාන පුහුණුකරුවන් විසින් ලබාදී ඇත. ලෝක කුසලාන තරගාවලියට මාස නවයක් තිබෙන බැවින් ඒ වෙනුවෙන් කණ්ඩායම සූදානම් කිරීමේදී ගත යුතු ක‍්‍රියාමාර්ග අනූව පුහුණු කාර්යමණ්ඩලය විසින් සියලූම ක‍්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.

ලබන මස ශ‍්‍රී ලංකාවට පැමිණෙන බටහිර ඉන්දීය කොදෙව්වන් සමග විස්සයි විස්ස තරග දෙකේදී මාලිංග ක‍්‍රීඩා කරනවාද නැද්ද යන්න තවම තේරීම් කමිටුව තීරණය කර නැති අතර ඔහුගේ නායකත්වය සම්බන්ධයෙන්ද ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිතව ඇතැයි ක‍්‍රිකට් ප‍්‍රධානියකු පැවසීය.

මාලිංග දක්ෂ ක‍්‍රීඩකයෙක් වුවත් ඔහුගේ වත්මන් දක්ෂතා සම්බන්ධයෙන් පුහුණුකරුවන් සහ තේරීම් කමිටුව මේ වන විට අසතුටින් පසු වන අතර සමස්තයක් වශයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ බොහෝ ක‍්‍රීඩකයන්ගේ දක්ෂතා සම්බන්ධයෙන්ද ඔවුන් අසතුටින් පසුවේ.

කෙසේ වෙතත් ලබන ඔක්තෝම්බර් මස පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන වෙනුවෙන් කණ්ඩායම ස්ථාවර කර ගැනීම සහ ස්ථිර නායකයකු පත්කිරීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි අවධානයක් යොමුව තිබේ. ඒ අනුව ඉදිරියේදී බොහෝ විට ලසිත් මාලිංගගේ විස්සයි විස්ස නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට හෝ දසුන් ශානකට හිමිවීමට ඉඩ ඇතැයි වාර්තා වේ.

කණ්ඩායමේ නායකත්වය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එය සිම්බාබ්වේ තරගාවලියෙන් පසුව ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා බවත් ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් මහතා මීට පෙර කළ විමසීමකදී පැවසීය.

36 හැවිරිදි ලසිත් මාලිංග විස්සයි විස්ස තරගවලදී ලොව පළමු කඩුලූ සියය වාර්තා කළ පන්දු යවන්නාද වේ. ඔහු මේ වන විට විස්සයි විස්ස තරග 82 කදී කඩුලූ 106 ක් දවාගෙන ඇති අතර පළමු පෙළ සමස්ත විස්සයි විස්ස තරග 293 කදී කඩුලූ 389 ක් ලබාගෙන තිබේ.

කෙසේ වෙතත් ලසිත් මාලිංග ක‍්‍රීඩා කළ අවසන් විස්සයි විස්ස තරග පහේදී ලබා ඇත්තේ කඩුලූ දෙකක් පමණි. ඉන්දියාව සමග පැවැති විස්සයි විස්ස තරග දෙකේදී මාලිංග යවන ලද පන්දුවාර අටේදී ලකුණු 81 ක් උදුරා ගැනීමට ඉන්දියානු පිතිකරුවන් සමත් විය. එම තරගාවලියේදී සමස්ත ශ‍්‍රී ලංකා කණ්ඩායම අසාර්ථක වූ අතර මාලිංග විසින් මීට මාස හතරකට පෙර නවසීලන්තයට එරෙහිව ලකුණු හයකට කඩුලූ පහක්ද බිඳ දැමීය.

අසේල විතාන

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements