Advertisement

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැති තෙවැනි විස්සයි20 තරගයෙන්ද ලකුණු 78ක පහසු ජයක් වාර්තා කිරිමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්විය.

පූනේ පැවැති තරගයේදී ඉන්දියාවෙන් එල්ල වූ ලකුණු 201ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 123ක් පමණි.

මේ අනුව තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගැනීමට ඉන්දියාව සමත්විය. තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමිණ.

මෙම තරගයේදී කාලයකට පසුව ඇන්ජලෝ මැතිව්ස්ට නැවතත් කණ්ඩායමේ ස්ථානය හිමි වූ අතර ඔහු පන්දුවාර තුනක් යොමුකරමින් ප්‍රතිවාදීනට ලකුණු 38ක් ලබාදුන්නේයේ.

නමුත් පන්දුවට පහරදෙමින් ඔහු පන්දු 21දී හයේ පහර තුනක් හා හතරේ පහරක් සමගින් ලකුණු 31ක් වාර්තා කළේය. ධනංජයද සිල්වා පන්දු 36කදී ලකුණු 57ක් වාර්තා කළේය. වෙනත් කිසිම ශ්‍රී ලංකා පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව ඉක්සමවා යෑමට නොහැකිවිය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements