Advertisement

ගම්පහ අඩවි වන නිලධාරී ‌දේවානි ජයතිලක මහත්මිය‌ගේ සිදුවීම සමාජ ජාල ඔස්සේ ප්‍රචලිත වීමත් සමග කඩොලාන පද්ධති සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ‌යොමු කිරීමට ආණ්ඩුව තීන්දු කර තිබෙනවා.

ඒ අනුව කඩොලාන පරිසර පද්ධති පවතින ප්‍රදේශ 13 ක් රක්ෂිත ලෙස නම් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වනවා.

වන සංරක්ෂක ආරංචි මාර්ග සඳහන් කළේ, මෙරට කඩොලාන වන ගහනය තවත් හෙක්ටොයාර් 10,000 කින් වැඩි කිරීමේ ව්‍යපෘතිය යටතේ එය සිදු කරන බවකි.

මේ අතර නාවික හමුදාව විසින් මණ්ඩතිව් කළපු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කඩොලාන ශාක කපා ඩිංගි යාත්‍රාවක් මගින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු නාවික හමුදා බාරයටගෙන තිබෙනවා.

සාගරික පරිසර පද්ධතිය සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් තම දායකත්වය නිරන්තරව ලබා දීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරනු ලබන අතර, එහි තවත් එක් මෙහෙයුමක් යාපනය, මණ්ඩතිව් කළපු ප්‍රදේශයේදී සිදු කරනු ලැබුවා.

එහිදී කඩොලාන ශාක කපා ඩිංගි යාත්‍රාවක් මගින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස නාවික හමුදා බාරයට ගත් පුද්ගලයා වයස අවුරුදු 41ක් වන යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වැඩිදුරටත් අනාවරණය කරගෙන තිබෙනවා.

නාවික හමුදා බාරයට ගත් පුද්ගලයා, කපා තිබූ කඩොලාන ශාක, ඩිංගි යාත්‍රාව හා පිටත දහන යන්ත්‍රය සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කිරීම සඳහා යාපනය, අඩවි වන නිලධාරී කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරනු ලැබුවා

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements