Advertisement

තුර්කියේ, ඉස්තාන්බුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට ගිය ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට ගොස් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 157 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

 එම අවස්ථාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු ඇතුළුව යානයේ සිටි පුද්ගලයින් සංඛ්‍යාව 177ක්.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, පැවති වර්ෂාවත් සමග යානය ධාවන පථයෙන් ඉවතට ලිස්සා ගොස් කොටස් කිහිපයකට කැඩී අනතුරට පත්වූ බවයි.

අනතුරත් සමග ඉස්තාන්බුල් ගුවන්තොටුපොළ තාවකාලිකව වසා දැමුණා.







gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements