Advertisement

උද්ඝෝෂණ සහ විරෝධතා දැක්වීම සදහා රජය විසින් ස්ථානයක් වෙන්කර තිබියදී ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ (06 ) පැවැති විරෝධතාවකදී පොලිසිය සහ උද්ඝෝෂකයින් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වුණා.

විශ්‍රාමික එකමුතුවේ සාමාජිකයින් සහ සමස්ථ ලංකා ඩෙංගු මර්දන සහායකයන්ගේ සංගමය ඊයේ (06) ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් කොළඹ කොටුවේ සිට පාගමනක නිරත වුණා.

විශ්‍රාමිකයින්ට අහිමි කරන ලද රුපියල් 10500 සිට 25000 දක්වා වූ මුදල ලබාදෙන ලෙස ඉල්ලා පිරිස විරෝධතාවයේ නිරත වුණා.පාගමනින් විරෝධතාවයේ නිරත වූ ඔවුන් රජය උද්ඝෝෂණ සඳහා වෙන්කළ ස්ථානයේ සිට විරෝධතා දැක්වුවා.

ඒ අතරතුරදී උද්ඝෝෂණයේ නිරත කණ්ඩායම් දෙකක් අතර උද්ඝෝෂණ සඳහා වෙන්කළ ස්ථානය බෙදා ගත නොහැකිව උණුසුම් තත්ත්වයක්ද උද්ගත වුණා.

පසුව එම කණ්ඩායම්වල සාමාජිකයින් කිහිප දෙනකුට ජනාධිපති ලේකම් කාර්යාලයට වෑන් රථයකින් රැගෙන ගොස් සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදෙනු ලැබුවා.

විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ කැඳවුම්කරු මහින්ද ජයසිංහ ඒ පිළිබඳ මෙසේ සඳහන් කළා.”අපව සුදුවෑන් එකකින් අරගෙන ගියා.අපිව ආපහු පයින් එව්වා.අපේ ඉල්ලීම් ඉටු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.”

සාකච්ඡාවලට නිසි විසඳුම් නොලැබුණු බව කියමින් උද්ඝෝෂකයෝ ඊයේ දහවල් 1.00ට පමණ උද්ඝෝෂණ ස්ථානයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණියා.

මේ හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ වාහන ගමනාගමනයට දැඩි ලෙස බාධා එල්ල වුණා.

පොලිසිය ජල ප්‍රහාරක රථ ආදියද ගෙනවූ අතර,පසුව උද්ඝෝෂකයින් උද්ඝෝෂණ ස්ථානය වෙත පිටත් කරනු ලැබුවා.

“මෙතැන ඉඳන් උද්ඝෝෂණය කරාට කිසිදු බලධාරියෙක් එන්නේ නෑ, “යැයි විරෝධතාකරුවෝ එහිදී කියා සිටියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements