Featured News

Video Gossip

Advertisement

දකුණු ලන්ඩනයේ පුද්ගලයින් පිරිසකට තියුණු ආයුධයකින් පහර දීමෙන් පසු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූ සැකකරු සුදේශ් අම්මාන් ශ්‍රී ලංකාවේ සම්බන්ධතා ඇති පුද්ගලයෙකු බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඔහුගේ ඥාතීන් ශ්‍රී ලංකාවේ සිටි බවට ඉන්දීය මාධ්‍ය වාර්තාවල පළ කර ඇති අතර ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කර තිබුණේ, ඔහු ශ්‍රී ලංකාවේ පවුල් සබඳතාවක් පැවති ඉස්ලාමීය ත්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලයෙකු බවයි.

ඩේලි මේල් පුවත්පත 2018 වසරේ නොවැම්බර් 07 වන දා වාර්තා කර තිබුණේ, සුදේශ් අම්මාන් අල්-ඛයිදා සංවිධානයට අයත් සඟරාවක් Whatsapp ඔස්සේ බෙදා හැර ඇති අතර, ඔහුගේ ඥාතීන් ශ්‍රී ලංකාවේ සිටින බවයි.

20 හැවිරිදි සුදේශ් අම්මාන් සතියකට පෙර බන්ධනාගාරයෙන් නිදහස ලැබුවේ, ත්‍රස්ත වැරදි හේතුවෙන් වසර 3ක් සහ මාස 4ක කාලයක් සඳහා දී තිබූ සිර දඬුවමෙන් අඩක් සම්පූර්ණ වීමෙන් පසුවයි.

ඔහු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසු විට සඳහන් කළේ මෙතෙක් එවැන්නක් පිළිබඳව අනාවරණය වී නොමැති බවයි.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements