අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබු රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17වන දා දක්වා රිමාන්ඩි බන්ධනාගාර ගතරණු ලැබුවා.
අද අලුයම දිවයිනට පැමිණි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබුවේය.
ඒ, මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළවයි.
ඒ අනුව වීරතුංග මහතාගෙන් පැය කිහිපයක් ප්‍රශ්න කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
විදේශගතව සිටි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද අලුයම 4.37 ට ඕමානයේ මස්කට්හි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 208 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
එහිදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.
ඒ මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබු විමර්ශනයකට අදාළවයි.
එලෙස අත්අඩංගුවට පත්වූ උදයංග වීරතුංග මහතා අද පස්වරු 6.40ට පමණ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය. පසුව ඔහු ලබන 17වන දා දක්වා රිමාන්ඩි බන්ධනාගාර ගතරණු ලැබුවා.
මිග් යානා මිලදී ගැනීමේ දී වංචාවක් සිදුකල බවට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පසුගිය රජය සමයේ සිදුකළ විමර්ශනයකට අදාළව උදයංග වීරතුංග මහතා සැකකරුවෙකු ලෙස නම් කර තිබුණි.

