Featured News

Video Gossip

Advertisement

සතොස ආයතනයේ සිදුවූ වංචා සිද්ධියට අදාළ ලේඛන හා ඉඩම් ඔප්පු තොගයක් සම්බන්ධ සිද්ධියේ අදාළ ඉඩම හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිදට අයත් එකක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (14) ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා වෙත දැනුම් දුන්නා.

ඒ අනුව ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ වන එම්.එම්.අයිෂා යන අයගෙන් ඉදිරි සතිය තුළ මෙම සිද්ධියට සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට බලාපොරොත්තු වන බව අධිකරණයට දැනුම් දුන්නා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාට සහ එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඩබ්.තිලකරත්න මහතා වෙත ලද බුද්ධි තොරතුරකට අනුව අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් ප්‍රකාරව මෙම වැටලීම සිදුකර තිබුණා.

එම ඉඩමේ සිටි සැකකාර මොහොමඩ් ඉම්රාන් ද නැමැත්තා අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර සැකකරු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements