බුර්කා පැළඳ වත්තල ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැලකට ගිය කාන්තාවක් වීඩියෝ කළ තරුණයෙකුට ඇය බැණවදිමින් තර්ජනය කළ ආකාරය අප ඔබට සදහන් කලා.
පාස්කු දින ප්‍රාහාරයේදී සිදු වූ බෝම්බ පිපිරීමත් සමග හදිසි නීතිය යටතේ බුර්කාව තහනම් කරනු ලැබුවත් මේ වනවිට හදිසි නිතිය ඉවත් කර තිබෙන අතර එහෙත් බොහෝ ආයතන හිස් වැසුම් මෙන්ම බුර්කාව හැඳ තම සේවා ස්ථානවලට ඇතුළුවීම තහනම් කර ඇත්තේ ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්න හේතුවෙනුයි.
වත්තල සුපිරි වෙළඳසැලක් තුළ බුර්කාව සහිතව ඇතුළු වූ කාන්තාවක වීඩියෝ කරන ලද මෙම පුද්ගලයා සුළාර කසුන් උඩවත්ත නම් වනවා.
ඔහු සහ බුර්කාව හැඳි කාන්තාව අතර උණුසුම් කතාබහක් ඇතිවන වීඩියෝවක් ෆේස්බුක් වෙත යොමුනු ලැබුවා.
එම කාන්තාව එහිදී සඳහන් කරන්නේ තමන් කරන්නේ තමන්ට අවශ්‍ය දේ බවයි.
එම වීඩියෝව සුළාර කසුන් උඩවත්ත ෆේස්බුක් වෙත මුදා හැරීමෙන් අනතුරුව දැඩි කතාබහට ලක්වූ අතර ඊට පිළිතුරු දෙමින් මුස්ලිම් නම්වලින් පෙනී සිටින ෆේස්බුක් මගින් ඔහුට සහ ඔහුගේ බිරිඳට දැඩි ලෙස ප්‍රහාර එල්ල කර තිබෙනවා.
අදාළ ෆේස්බුක් පළ කිරීම් සහ අදාළ වීඩියෝව පහතින් නැරඹිය හැකියි.


