Diamond Princess නෞකාවේ ගමන් ගත් මගීන් හා දෙනෙකුට නව කොරෝනා වයිරස් රෝගය වැළඳී ඇතැයි මේවන විට තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
3,700 දෙනාගෙන් 300 ක් පමණ මේ දක්වා පරීක්ෂාවට ලක් කර ඇති අතර පරීක්ෂණ දිගටම කරගෙන යන විට ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.
මෙම රෝගීන් 10 දෙනාම වයස අවුරුදු 50 ට වැඩි අය බව ජපන් ගුවන් විදුලි නාලිකාවක් සඳහන් කර තිබෙනවා.
ඔවුන්ගෙන් හතර දෙනෙක් වයස අවුරුදු 50 සිමාවේ ද තවත් හතර දෙනෙක් වයස අවුරුදු 60 සීමාවේ ද එක් අයෙක් වයස අවුරුදු 70 සීමාවේ ද තවත් අයෙක් වයස අවුරුදු 80 සීමාවේ ද පසු වනවා.

