Featured News

Video Gossip

Advertisement

නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර ඇති විරසකය වහා නැවතිය යුතු බව පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා එම පක්ෂයේ ප්‍රබලයන්ට දැනුම් දී තිබෙනවා.

මේ අතර ඔහු මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ ද දෑවැදි ප්‍රශ්න ඇති වූ පමණින් කසාදය කැඩීමට නොහැකි බවයි.

පළමු ගමන හොඳින් ගියා සේම දෙවන ගමන ද හොඳින් යාම තම අරමුණ බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ඔහු පෙන්වා දී ඇත්තේ පක්ෂ දෙක අතර එකඟතා ඉදිරියටත් පවතින අතර මහ මැතිවරණයේදී එක්ව තරග කරන බවයි.

ඒ අනුව පක්ෂ දෙක වෙන්ව තරග කළ යුතු බවට අදහස් පළ කළ පොහොට්ටුවේ අමාත්‍යවරු දැන් ඒ සම්බන්ධයෙන් අදහස් පළ නොකිරීම විශේෂත්වයක්.

එළඹෙන මහ මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ එකට එක්ව සන්ධානයකින් තරගවදින්නේ නම් එහි ප‍්‍රධාන තනතුරු සදහා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් පත් කළයුතු බව ඔවුන්ගේ අලුත් මාතෘකාව බවට පත්ව තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ද මාතර ප‍්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් මෙම අදහසම පළ කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements