Featured News

Video Gossip

Advertisement


ඉක්මනට ප‍්‍රසිද්ධ වෙන්න ඕනෑ කියන කාරණය මට කොහෙත්ම අදාළ නැහැ
මම මීට පෙර ඉන්දියවේ සිනමා නිර්මාණ තුනක වැඩ කරලා තියෙනවා


ගම්‍යා විජේදාස වෙනුවෙන් දියහැකි හැදින්වීම් රැුසක්ම තිබෙනවා. නිවේදිකාව, රංගන ශිල්පිණිය, රූප රාජනිය, නිරූපන ශිල්පිණිය සේම ව්‍යාපාරිකාව ද ගම්‍යාට කදිමට ඔබින හැ`දින්වීම් වෙනවා. අද දවසේ ගම්‍යා ගැන කතාබහට අවස්ථාව උදාවන්නේ ඇයතුළ සිටින රංගන ශිල්පිණිය යන භූමිකාව ඔස්සේයි.

යූ ටර්න් ගම්‍යාගේ ප‍්‍රථම සිනමා රංගනයද?

ලංකාවේදී මම රංගනයට පිවිසුණේ පසුගිය වසරේයි. ඒ නයින්ටීන් සෙවන්ටි ලව් ස්ටෝරි චිත‍්‍රපටයෙන්. එම චිත‍්‍රපටයේ කැමරා අධ්‍යක්ෂකවරයා වූයේ චන්න දේශප‍්‍රියයි. ඔහුගේ පළමු අධ්‍යක්ධෂණය තමයි යූ ටර්න්. නයින්ටීන් සෙවන්ටි ලව් ස්ටෝරි චිත‍්‍රපටයේ වැඩ කරලා ඇතිවුන හැ`දුනුම්කම් මත ඔහු මට යූ ටර්න් චිත‍්‍රපටයට ඇරයුම් කළා.

මෙම නිර්මාණ දෙකෙහි ඔබට ලැබුණ චරිත ඔබ දකින්නේ කෙසේද ?

නයින්ටීන් සෙවන්ටි ලව් ස්ටෝරි චිත‍්‍රපටයේ මම රගපාන්නේ නිළියකගේ චරිතයක්. ඒ චරිතය ඇතුළේ තවත් චරිත කිහිපයක් තියෙනවා. එය පැතිකඩ කිහිපයක් තියෙන චරිතයක් විදිහට හදුන්වන්න පුළුවන්. ඒ වගේම මගේ රංගන දිවියේ ප‍්‍රධාන චරිතයක් ලැබුණ සේම ලංකාවේ මට ලැබුණ පළමු සිනමා නිර්මාණය එයයි. යූ ටර්න් චිත‍්‍රපටයේ මම ර`ගපාන්නෙ මවකගේ චරිතයක්. මෙම චරිතය මුළු චිත‍්‍රපටයේම දකින්න ලැබෙන්නේ අඩු ප‍්‍රමාණයකයි. නමුත් මෙම චරිතය නිර්මාණයට ලොකු බලපෑමක් කරන ප‍්‍රබල චරිතයක්.

ඔබ මීට පෙර විදේශීය නිර්මාණ වල රගපා ඇති නිළියක්නේද?

ඔව්. මම මීට පෙර ඉන්දියවේ සිනමා නිර්මාණ තුනක වැඩ කරලා තියෙනවා. එයට හේතුවෙන්නේ මම ඉන්දියාවේ අවුරුදු හයක් වගේ කාලයක් පදිංචි වෙලා හිටියා. මම ඉන්දියාවට යන්නේ අධ්‍යාපනය සදහා. ඉන්දියාවේදී මම රංගනය ගැන හැදෑරුවා. රංගනයට අමතරව රංගනයේදි අවශ්‍ය වන සටන්ක‍්‍රම නර්තනය මෙන්ම උර්දු භාෂාවත් එහිදී හැදෑරුවා. ඊට පස්සේ ඉන්දියාවේ දී සිනමාවෙන් මට ඇරයුම් ලැබුණා.

ඔබ වැඩි කාලයක් පදිංචිව සිටි ඕස්ටේ‍්‍රලියාවෙන් අවස්ථා උදාවූයේ නැතිද?

මගේ වයස අවුරුදු නවයේදී විතර මම පවුලේ අය සමග ඕස්ටේ‍්‍රලියාවේ පදිංචියට යනවා. එහේදී පාසැල් කාලයේ ඉ`දන්ම රංගනය හැදෑරුවා සහ රංගනයේ යෙදුණා. ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර මම අවුරුදු හයක් විතර සිංහල හා ඉංග‍්‍රීසි යන භාෂා දෙකෙන්ම නිවේදිකාවක් හා ප‍්‍රවෘත්ති නිවේදිකාවක් විදිහටත් වැඩ කළා.

රංගනය පිළිබ`ද ඉගෙන ගැනීම මේ ක්ෂේත‍්‍රයට පිවිසීම සදහා අත්‍යවශ්‍ය සාධකයක් ලෙස ඔබ හ`දුන්වනවාද?

ඒක අත්‍යවශ්‍ය දෙයක්ද කියලා මම දන්නේ නැහැ. නමුත් රංගන කාර්්‍යයේ යෙදෙනකොට මට ඒක ලොකු වටිනාකමක් එකතු කරනවා. හැදෑරීමකින් චිත‍්‍රපටයක් කරද්දි මට වගේම මාත් එක්ක වැඩ කරන අයටත් ලොකු පහසුවක් වුණා.

අද ගම්‍යා නමැති නිළිය අයිති ලංකාවට පමණද?

මම දැනට දෙතැනම ඉන්නවා. මොකද මම තවමත් ඕස්ටේ‍්‍රලියාවෙත් වැඩ කරනවා. පහුගිය මාසයේත් මම ඕස්ටේ‍්‍රලියාවේ ගිහින් එහේ රූපවාහිනී දැන්වීමකට පෙනී ඉ`දලා ආවේ. මම ගොඩක් රට රටවල්වල සංචාරය කරන කෙනෙක්. මම කැමැතියි ජාත්‍යන්තරයේ නිළියක් විදිහට ඉන්න. මට වැඩ ලැබෙන්නේ මොන රටේද මම ඒ රටට ගිහින් මගේ රාජාකාරිය කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒක මට සතුටක්.

කලාවේ සේම ඔබ ව්‍යාපාර ක්ෂේත‍්‍රයේත් සාර්ථක පියවරක් තබා සිටින කාන්තාවක් ?

ඔව්. රගපෑම හා නිරූපණය මගේ එක වෘත්තියක්. ඊට අමතරව මටම කියලා ව්‍යාපාරයක් තියෙනවා. ඒක අවුරුදු හයක් හතක් තිස්සේ මම

කරගෙන යනවා. එය ජාත්‍යන්තර මට්ටම දක්වා විහිදුන ඇගලූම් ව්‍යාපාරයක්. අපි අපේ නිෂ්පාදන රටවල් පනස් පහකට විතර හ`දුන්වා දී තිබෙනවා.

මගේ උපාධිය ව්‍යාපාර කළමණාකාර උපාධියක්. අදටත් මම චාර්ටඞ් මාර්කටින් ඉගෙන ගන්නවා. මම දිගටම අධ්‍යාපනය ලබන්න කැමැති කෙනෙක්. කලාව කියන්නේ මගේ මොළයේ එක පැත්තක තියෙන දෙයක්. අධ්‍යාපනයත් සමබරව කරගෙන යන්න කැමැතියි. මම හිතනවා අපිට එහෙම කැමැත්තක් හැකියාවක් තියෙනවා නම් අපි එකම දෙයකට විතරක් සීමාවෙලා හිටිය යුතු නැහැ කියා.

මේ වනවිට ඔබ සිනමා ක්‍ෂේත‍්‍රයේ කරමින් සිටින වැඩ මොනවාද?

මට තව චිත‍්‍රපට වලට ඇරයුම් ලැබිලා තියෙනවා. මාත් එක්ක වැඩ කරපු නිර්මාණකරුවන් ඔවුන්ගේ ඊළ`ග නිර්මාණයට මට කතාකරනවා. එයට හේතුව අපි වැඩ කරන ක‍්‍රමය සහ අපි තුළ තියෙන වෘත්තීය ප‍්‍රමිතියයි.

රූපවාහිනී මාධ්‍යයට ඔබගේ දායකත්වය කොතරම්ද ?

දැනට මම රූපවාහිනී මාධ්‍ය තුළින් පෙනී සිටින්නේ නිවේදිකාවක් හැටියට විතරයි. නිවේදනය පැත්තට මම ගොඩක් කැමැතියි. ටෙලි නාට්‍ය පැත්තෙන් ගත්තම තිර පිටපත මුලික කොටගෙනයි තීරණ ගන්න වෙන්නේ. මොකද මාව කාලෙකින් කවුරුවත් දැක්කේ නැහැනේ. ඉක්මනට ප‍්‍රසිද්ධ වෙන්න ඕනෑ කියන කාරණේ මට කොහෙත්ම අදාළ නැහැ. යමක් කළාට පසුව ඒ කෘතිය දිහා බලල ආඩම්බර වෙන්න පුළුවන් දෙයක් තමයි අපි හැම තිස්සේම තෝරගන්න ඕනෑ. එහෙම දේවල් කරනකොට ප‍්‍රසිද්ධිය ඉබේම ලැබෙනවා.

ප‍්‍රසිද්ධිය කියන දේට වඩා අවශ්‍ය වෙන්නේ ජනප‍්‍රියත්වයයි. ඒක ලබන්න කල් යනවා.

ධම්මිකා සුරංජි පතිරණ





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements