තමන් අධ්‍යාපනය හැදෑරු පාසලට ගිහින් ජනපති දුන් ප්‍රතිඥාව මෙන්න
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
Gotabaya-Rajapaksa
,
hot news
,
latest
,
Latest News
,
Latest-News
,
News
,
Politics
,
side-gossip
අනාගත පරපුරට මේ අපේ මවුබිම යැයි ආඩම්බරයෙන් කිව හැකි රටක් ගොඩනැගීමට කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
රට ගොඩනැගීමට තමාට පැහැදිළි දැක්මක් තිබේ. එය තම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ජනතාවට ඉදිරිපත් කර ඇති බව කොළඹ දී පැවති ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය හමුවේ දී ජනාධිපතිතුමා සඳහන් කළේය.
ආනන්ද විද්‍යාලයීය සත් මහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමට සමගාමීව විද්‍යාලයෙන් බිහි වූ ප්‍රථම සහ එකම විධායක ජනාධිපතිවරයා පිළිගැනීමට හමුව සංවිධාන කර තිබිණ.
බෞද්ධ දර්ශනය මත පදනම්ව විද්‍යාලයෙන් ලද ජාතිකත්ව චින්තනය මව්බිමට ආදරය කරන පිරිසක් බිහි කිරිමට ඉවහල් වූ බව ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.
“ආනන්දය හැමදාමත් රටට ආදරය කරන ලෙස සිසුන්ට ඉගැන්වූ පාසලක්. පරම්පරාවෙන් පරම්පරාවට දේශප්‍රේමි පුතුන් බිහිකළ පාසැලක්. වර්තමානයේ ජාතියේ නායකයින් ලෙස හොඳින් රට ඉදිරියට ගෙන යාමට හැකි වී ඇත්තේ ආනන්ද විදුහල් මාතාව ලබා දුන් ශක්තිය නිසා” යැයි ද ජනාධිපතිතුමා කියා සිටියේය.
අයෝමා රාජපක්ෂ මැතිණිය , කථානායක කරූ ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ආදි ආනන්දියන් සහ ආදි සහ වත්මන් ගුරුවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ

