Featured News

Video Gossip

Advertisement

ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්තා රෝහණදීර මහතා ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ තිබේ.

හරිගුප්තා රෝහණදීර මහතා සිවිල් අපරාධ නඩු පිළිබද ප්‍රවීණ නිතිඥයෙකු වූ හරිගුප්තා රෝහණදීර මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පිඨයෙන් නීතිය පිළිබ`ද විශිෂ්ට සමාර්ථය සහිත උපාධිය හිමි කර ගත් ඒ මහතා පරිපාලකයෙකු, සිවිල් සංවිධාන කි්‍රයාකාරිකයෙකු, අපරාධ යුක්ති නීතිය පිළිබ`දව දේශකයෙකු ලෙස ද ප්‍රකටය.

ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශකවරයා ලෙස යුද්ධය පැවති කාලයේ දී විශාල කාර්යයභාරයක් රට වෙනුවෙන් ඉටු කළ නිලධාරියෙකි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද සේවය කළ ඒ මහතා රණවිරු සේවා අධිකාරියේ දිර්ඝ කාලයක් නීති උපදේශකවරයා ලෙස සේවය කර තිබේ.

ජාතික මලල කී්‍රඩා කණ්ඩායම නියෝජනය කළ හරිගුප්තා රෝහණ දීර මහතා ආනන්ද විද්‍යාලීය සහ කොළඹ විශ්වවිද්‍යාලීය කී්‍රඩා වර්ණලාභියෙකි.

රුසියාව, ස්ව්ස්ටර්ලන්තය, කොරියාව, ඛෙලාරුස් ඇතුළු රටවල් ගණනාවක අපරාධ යුක්තිය හා නීතිය පිළිබ`ද වූ සමුළු සහ වැඩමුළු නියෝජනය කර ඇති හරිගුප්තා රෝහණදීර මහතා දැනට අපරාධ යුක්තිය පිළිබ`ද පාරිභාෂිත වචන ඇතුළත් ශබ්ද කෝෂයක් එළිදැකීම පිළිබ`ද පර්යේෂණයක ද නියැලෙයි. 

හරිගුප්තා රෝහණදීර මහතා පුරාවිද්‍යාව හා ඉතිහාසය පිළිබ`ද විද්වතෙකු වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අභාවප්‍රාප්ත මැන්දිස් රෝහණදීර මහතාගේ පුත්‍රයෙකි. 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements