Featured News

Video Gossip

Advertisement

එක බැකෝ පහරයි 
විසදුම් නැ.ති ප්‍රශ්ණ කෝටියයි
සල්ලි අරන් ලුණුවතුර බොන්න දෙන 
ජල සම්පාදන මණ්ඩලය

සල්ලිත් අරන් බොන්න දෙන වතුර ටික, අවුරුදු ගාණක ඉඳන් ලවණ අධික ජලය මිශ්‍ර වන නිසා භාවිතයට ගන්න බැරුව මිනිස්සු අසරණ වෙනවා.

මේ වෙනුවෙන් පැවැත්වෙන ජනතා විරෝධතාවය මේ මස 26 වන දින පෙරවරු 10 ට කළුතර බස්නැවතුම් පළ අසලින් ආරම්භ කිරීමට, කිසිදු දේශපාලනික පක්ෂයක අතකොළුවක් නොවූ "දියට හඬන කළුතර" සංවිධානය සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.

දශකයකටත් වඩා වැඩි කාලයක සිට පැවත එන කළු ගඟේ ජලයට මුහුදු (ලවණ අධික) ජලය එකතුවන මෙම ප‍්‍රශ්නය මේ වන විට ඉතාමත් උග‍්‍ර අතට හැරී ඇත්තේ ඉතාමත් අවාසනාවන්ත ආකාරයටයි. කළුතර දිස්ත‍්‍රික්කයේ අලූත්ගම සිට පිංවත්ත දක්වා ජීවත් වන පවුල් 72000ක පමණ ජනතාවක් මෙම ප‍්‍රශ්නයට මුණ දී සිටිනවා. මෙම පානීය ජල ප‍්‍රශ්නය නිසා, මෙම ජනතාවට බොහොමයක් දුෂ්කරතාවන්ට මුහුණපෑමට සිදුව තිබෙනවා. 2017 වසරේ දී කැලිඩෝ වෙරළ තීරය විනාශ බැකෝ දමා විනාශ කිරීමත් සමඟ මෙම ප‍්‍රශ්නය වඩාත් දරුණු විය.

මෙයට දීර්ඝකාලීන විසඳුමක් දෙනතුරු මෙම ප‍්‍රදේශ වල නල ජල පාරිභෝගිකයන්ට ජල සම්පාදන මණ්ඩලයෙන් බවුසර් මඟින් ප‍්‍රදේශයේ විවිධ ස්ථාන වල තබා ඇති ටැංකි වලට ජලය පිරවීම කිසිසේත් ප‍්‍රමාණවත් නොවේ. තවද දීර්ඝකාලීන වැඩ පිලිවෙලක් ලෙස කෙත්හේන පිරිපහදුවේ කලූගෙඟ් ජලය ලබාගන්නා ස්ථානය ඉහලට ගෙන යාමට සැලසුම් කලද, එම යෝජිත ස්ථානයේ දී නියං සමයට ප‍්‍රමාණවත් ජල ධාරාවක් නොමැති බවටද මත පලවී ඇති නිසා එම ක‍්‍රියාමාර්ගය ද අසාර්ථක වීමේ වැඩි ඉඩකඩක් ඇති බව පෙනී යයි.

මෙම අවාසනාවන්ත තත්ත්වය නිසා තර්ජනයක් වී තිබෙන්නේ පානීය ජලය පිලිබඳ ගැටලූවට පමණක් ම නොවේ. අතු ගංගා සහ ඇල දොල දිගේ ලවණ ජලය ඉහලට ගලායාමෙන් ගංගා, කුඹුරු හා වගාබිම් නිසරුවීමත්, ජෛව පද්ධති විකෘති වීම ආදිය ඇතුලූ ව නැවත පිළිසකර කල නොහැකි විශාල පරිසර හානියක් සිදුවන අතර මෙම ව්‍යවසනයේ අවසානය ඉතාමත් ඛේදජනකය. මෙය විශාල ජාතික ආපදාවකි.

මෙම පාරිසරික ව්‍යවසනය සඳහා බලපාන තවත් සාධක අතර ගඟ දෙපස ඇති කර්මාන්තශාලා වලින් ඉවතලන ජෛව හා රසායනික අපද්‍රව්‍ය සහිත ජලය නීති විරෝධී ලෙස, කළු ගඟට සහ කළුතර අවට ජලධාරාවන්ට මුදා හැරීම නිසා, එම අපද්‍රව්‍ය මුහුදු ජලය සමඟම එම විෂ ද්‍රව්‍යයන් ඉහලට ගමන් කර ප‍්‍රදේශයේ භූගත ජලසම්පත දුෂණය වීමද, නල ජලයට ඒවා මිශ‍්‍ර වීම නිසා ප‍්‍රදේශයේ ජල පාරිභෝගිකයන්ගේ සිරුරු තුල එම විෂ තැන්පත් වීමත් දරුණු සෞඛ්‍ය ගැටලූ තත්ත්වයන්ට මුහුණපෑමට සිදුවේ.

මෙලෙස මෙතරම් ව්‍යවසනයක් සිදු කරන මෙම තත්ත්වය පාලනයට බලධාරීන්ගේ නිසි අවධානය මේ වනතුරු යොමුවී නොමැත. මෙම තත්ත්වය පිළිබඳව මිනිසුන් දැනුවත් කිරීම සහ ක‍්‍රියාකාරී ක‍්‍රියාමාර්ග මඟින් අදාල පාර්ශවයන් දැනුවත් කොට මෙම ගැටලූවට නිසි විසඳුමක් ලබාගෙන, මූලික අයිතිවාසිකමක් කොට සළකන බීමට සුදුසු ජලය ප‍්‍රමාණවත් හා නිසි පරිදි ජනතාවට ලබාදිමට කටයුතු කිරීම මෙම ‘‘දියට හඬන කළුතර‘‘ ව්‍යාපෘතියේ ඒකායන අරමුණ වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements