Featured News

Video Gossip

Advertisement

කථානායක ධුරයට සමුදීමට තමන් සූදානම් බවත් ඉදිරි වසර පහ සඳහා ගරු මන්ත්‍රීතුමා යැයි ආමන්ත්‍රණය කළ හැකි පුද්ගලයන් පත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කථානායක කරු ජයසූරිය මහතා පවසනවා.

කථානායක කරු ජයසුරිය අද (08දා) දින මහනාහිමිවරු හමුවේ මේ බවසඳහන් කළා.

කථානායක ධුරයේ වසර පහ පිළිබඳවත් එම කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරාක්ෂා කරගැනීමට සිදුකළ වෙහෙසකර සටන පිළිබදවත් තමා බෙහෙවින්ම තෘප්තිමත් වෙන බවද, දේශපාලනයට පිවිසිදා සිට මේ දක්වා දෑත පිරිසිදුව තබා ගැනීමට හැකිවූ බවද කථානායක කරු ජයසූරිය මහතා එහිදී සඳහන් කළා.

කථානායක ධුරයේ වසර පහක කාලය තුළ සෑම අභියෝගාත්මක අවස්ථාවකදීම තමාට අවවාද අනුශාසනා කල මහනාහිමිවරුන්ට කෘතඤ්තාවයද පළකර සිටියා.

මෙම අවස්ථාව ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් ඇසු පැනයකට පිළිතුරු දෙමින් කරු ජයසුරිය මහතා සඳහන් කළේ, පසුගිය වසර පහ තුළ පමණක් නොව දේශපාලන ජීවිතය තුළ කිසිදිනෙක තමා වෙනුවෙන් රජයේ මුදලින් අලුත් වාහන ගෙන්වා නැති බවයි.

මේ අවුරුදු පහම පාවිච්චි කලේ හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා පාවිච්චි කල නිල වාහනය බවද පසුගිය වසර පහම ඇන්දේ හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාට මැසු නිල කබායම බව‌ද ඔහු කියා සිටියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements