Featured News

Video Gossip

Advertisement

අපි හරියටම බැසිල් රාජපක්ෂ ලංකාවට එන දිනය පෙබරවාරි 02 බව සඳහන් කර සිටියෙමු.  රාජපක්ෂවරු තුන්දෙනෙක් අතර ඇතිවූ රහස් සාකච්ඡාවක් පිළිබදවද අප කියා සිටියෙමු.

අප එසේ කියා සිටියේ අනෙකුත් මාධ්‍ය සහ වෙබ් අඩවි බැසිල් යළි ලංකාවට එන දිනය සම්බන්ධයෙන් විවිධ දිනයන් ප්‍රකාශ කරමින් සිටින අතරවාරයේය. අප කී ආකාරයටම බැසිල් ලංකාවට බලා ඒමට ඇමෙරිකාවෙන් පිටත් වුණේ 02 වැනි දිනය. බැසිල් ලංකාවට පැමිණියේ 03 වැනිදා උදේ වරුවේය. එසේ බැසිල් ලංකාවට පැමිණීමත් සමඟ තත්ත්පරයක්වත් අපතේ යවන්නට කටයුතු කළේ නැත.

ඒ අනුව මුලින්ම බැසිල් කළේ සිය සොහොයුරන් දෙදෙනා වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් සමඟ හදිසි සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගැනීමය. මෙම සාකච්ඡාව අතිශය රහසිගත එකක් වූ අතර අවම වශයෙන් මෙවන් සාකච්ඡාවක් පැවැත්වෙන බවක් පොහොට්ටුවේ බොහෝ දෙනා හෝ දැන සිටියේ නැත.

කෙසේ වෙතත් රාජපක්ෂවරුන් තිදෙනා අතර පැවැති මෙම අතිවිශේෂ සාකච්ඡාවේදී මාතෘකාව බවට පත්වූයේ ඉදිරියේදී බිහිකිරීමට නියමිත නව සන්ධානයත්, ඉදිරි මහ මැතිවරණයත් පිළිබඳවය. ඒ සම්බන්ධයෙන් වූ දීර්ඝ සංවාදයකින් පසු තීන්දු වූයේ ඉදිරි මහ මැතිවරණය පොහොට්ටුව ලකුණ යටතේ තරග වැදීමටත්, එහි සම්පූර්ණ වගකීම බැසිල්ට බාරදීමටත්, මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයද බැසිල්ට බාරදීමටත්ය. එමෙන්ම මැතිවරණයේදී භාවිතා කළ යුතු උපාය උපක්‍රමද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

ඉන් අනතුරුව ඉදිරියේදී බිහිකිරීමට නියමිත ආණ්ඩුව සංයුතිය සම්බන්ධයෙන්ද මෙහිදී තිදෙනා අතර සාකච්ඡාවට ලක්විය.

ඒ අනුව අවශ්‍යයෙන්ම දිස්ත්‍රික් මට්ටමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය යුතු නියෝජිතයන් පිළිබඳවද, අලුත් මුහුණු ඉදිරියට රැගෙන ආ යුතු ආකාරය පිළිබඳවද තිදෙනා අතර දීර්ඝව සාකච්ඡාවට ලක්විය. ඊට අමතරව සාකච්ඡාවට ලක්වුණු තවත් මාතෘකාවක් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඉන් ඉදිරිපත් වී ඇති ඉල්ලීම්ය. ඒ සම්බන්ධයෙන් ඉතා දීර්ඝව තිදෙනා අතර සාකච්ඡා කෙරෙනු දැකගන්නට ලැබිණි.


කෙසේ වෙතත් බැසිල් ලංකාවට පැමිණි බව වාර්තා වූ වහා අප කලින් අනාවරණය කළ ආකාරයටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් විශාල පිරිසක් බැසිල්ට දිගට හරහට දුරකතන ඇමැතුම් ලබාදෙමින් ඔහුව මුණගැසීම සඳහා වේලාවක් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරන ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ අනුව නිදහස් දින විවේකීව සිටි බැසිල් බදාදා (05දා) දින උදේ වරුවේ සිටම එම හමුවීම් සඳහා වේලාවන් වෙන්කර දීමට පියවර ගත්තේය. එසේ ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් හමුවීම සඳහා බැසිල් යොදාගත්තේද බත්තරමුල්ලේ පිහිටි පොහොට්ටුවේ ප්‍රධාන කාර්යාලයය.


ඒ අනුව බදාදා උදෑසන සිටම ශ්‍රීලනිපයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම බත්තරමුල්ලේ පොහොට්ටු කාර්යාලයට පැමිණ බැසිල් සමඟ සාකච්ඡා පැවැත්වීමට පියවර ගත් අතර ඔවුන්ගේ එකම අරමුණ වී තිබුණේ එළැඹෙන මහ මැතිවරණයේදී තමන්ට පොහොට්ටුවෙන් තරග වැදීම සඳහා නාමයෝජනා ලබාගැනීම බව දැකගන්නට තිබිණ. 


එහිදී ඇතැම් මන්ත්‍රිවරුන්ට බැසිල්ගෙන් ඉතා යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවක්ද රාජ්‍ය රහස් තීරයට ආරංචිය. ඒ අනුව ඉදිරි මහ මැතිවරණය ආසන්න වන විට මෛත්‍රිපාලගේ ශ්‍රීලනිපය සමඟ ඉතිරි වනු ඇත්තේ අප පෙර අනාවරණය කළ පරිදිම අතේ ඇඟිලි සංඛ්‍යාවටත් අඩු මන්ත්‍රිවරුන් සංඛ්‍යාවක් වනු ඇත.
මීට අමතරව බදාදා දිනයේදී බැසිල්ගේ අතට එළැඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ මත විමසුම් කිහිපයක ප්‍රතිඵල ලැබී තිබිණි.

ඒ අනුව ප්‍රධාන දේශපාලන පක්ෂ අතර ආසන බෙදී යා හැකි ආකාරය මෙම මත විමසුම හරහා විමර්ශනයට ලක්කර තිබූ අතර, ඒ සියල්ලන්ගෙන්ම පාහේ ඉතා පැහැදිලි ජන වරමක් ආණ්ඩුවට ලබාගත හැකි බව පෙන්වාදී තිබීම විශේෂ සිදුවීමක් විය. එමෙන්ම මැතිවරණය තුළදී ශක්තිමත් කරගත යුතු තැන් කිහිපයක්ම මෙම මත විමසුම මඟින් පෙන්වා දීමටද පියවර ගෙන තිබිණ.


මේ අතරවාරයේ බැසිල් ලංකාවට පැමිණීමට පෙර විශාල ලෙස පැතිර ගිය කටකතාවකින් කියැවුණේ ඉදිරි මහ මැතිවරණයේදී බැසිල් ගම්පහින් තරග කිරීමට සූදානමින් සිටින බවත්, ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකර ගැනීම සඳහා බැසිල් ඇමෙරිකාවේ ගිය බවත්ය. 


එමෙන්ම මෙවර මැතිවරණයේදී තරග කරන ලෙසට බැසිල්ට විශාල වශයෙන් ඉල්ලීම් ලැබී තිබීමද මෙසේ පැතිරගිය කටකතාවලට හේතුවී තිබිණ. නමුත් 19 වැනි සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි අයකුට පාර්ලිමේන්තුවට තරග කළ නොහැකි නිසා මේ වන විට කියැවෙන්නේ ඉදිරි මහ මැතිවරණයෙන් පසුව 19 වැනි සංශෝධනය පිළිබඳව තීන්දුවක් ගැනීමට ආණ්ඩුව සූදානමින් සිටින බවකි. 


ඉන් පසු 2007දී ජාතික ලැයිස්තුවෙන් පළමුවරට බැසිල් පාර්ලිමේන්තුවට පැමිණි ආකාරයටම පාර්ලිමේන්තුවට පැමිණීමටත්, ඉන් අනතුරුව දිස්ත්‍රික්කයකින් තරග කොට පාර්ලිමේන්තුවට පැමිණීමටත් මේ වන විට රාජපක්ෂවරුන් අතර එකඟතාවක් ඇතිකරගෙන ඇති බවද ආරංචිය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements