විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ අමාත්‍යාංශය වෙනස්කර ඔහු යටතට ආයතන කිහිපයක් පවරා දී තිබෙනවා.
ඒ අනුව මහින්දානන්ද අලුත්ගමගේ මහතා පුනර්ජනනීය බලශක්ති හා විදුලිබල රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇති බව වාර්තා වනවා.
පුනර්ජනනීය බලශක්ති හා විදුලිබල රාජ්‍ය අමාත්‍යාංශය යටතට ලංකා විදුලිබල සමාගම , සීමාසහිත ලංකා ගල් අඟුරු (පෞද්ගලික) සමාගම සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන ආයතන පවරාදී තිබෙනවා.

