Featured News

Video Gossip

Advertisement


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(10) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණයක නිරත විය.

එළිමහනේ ඇවිදිමින් සිටි රක්ෂිත බන්ධනාගාරගත සිරකරුවන් සමඟ කථා බහක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසීය.

මේ අතර සිටි බොහෝ දෙනෙක් මත්කුඩු හෝ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් බන්ධනාගාර ගතවූවෝ වෙති.

රඳවා ගැනීමට ඉඩ ඇති සංඛ්‍යාවට වඩා තුන් ගුණයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව ඔවුහු කියා සිටියහ. 

වැරදි තොරතුරු මත පදනම් වූ නඩු ගොනු කිරීමෙන් නඩු ඇසීමට විශාල කාලයක් ගතව ඇතැයි රැඳවියෝ ජනාධිපතිවරයා ඉදිරියේ කියා සිටියහ.

මේ හේතුවෙන් තමන්ට දිර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටීමට සිදුව ඇතැයි ද ඕවුහු පෙන්වා දුන්හ.

පවතින තත්ත්වය පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා සඳහන් කළේය.





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements