Featured News

Video Gossip

Advertisement

ඊයේ දින සමාජ ජාලා තුල පලවූ පුවතක් පිළිබදව කාගේත් නෙත ගැටුනි. එය ගොසිප්99 අපද ගෙහ හැර දැක්වුනි. ජනාධිපති, අගමැති ආරක්‍ෂක අංශ මාව මගින් බස්සවලා පයින් යැවුවා. නිදහස් උළෙල වර්ජනය කළ හේතුව මෛත්‍රී කියයි” යන පුවත අසත්‍ය පුවතක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අංශය පවසයි .යනුවෙනි. නමුත් එම පුවත අසත්‍යක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අංශය පවසයි.

ඒ පහත පරිදිය...

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙබරවාරි 4 වනදා නිදහස් උත්සවයට නොපැමිණියේ ජනාධිපති, අගමැති ආරක්ෂක අංශ විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව අපහසුතාවයට පත් කළ නිසා බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් ප්‍රචාරය වී තිබේ.

එම පුවතේ සඳහන් ආකාරයට හිටපු අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ දියණියගේ මංගල උත්සවයට සහභාගි වීම සඳහා පැමිණි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ වාහනය ජනාධිපති, අගමැති ආරක්ෂක අංශය විසින් අතරමග නවත්වා පයින් ගමන් කරන ලෙස ජනාධිපති ආරක්ෂක අංශය විසින් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් හට පැවසූ බව යන සිදුවීම සාවද්‍ය පුවතකි. ජනාධිපති ආරක්ෂක අංශය විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව එලෙස අපහසුතාවයට ලක් කිරීමක් කිසිදු ලෙසකින් එම අවස්ථාවේ සිදු නොකරන ලදී.

එම නිසා “ජනාධිපති ආරක්‍ෂක අංශ මාව මගින් බස්සවලා පයින් යැවුවා. නිදහස් උළෙල වර්ජනය කළ හේතුව මෛත්‍රී කියයි" යන පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍ය පුවතක් වේ.

ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශ පළපුරුදු නිලධාරීන්ගෙන් විශේෂ පුහුණුවකින් යුතුව නිර්මාණය කර ඇති විශේෂ ඒකකයක් වන අතර වෘත්තීයවේදිත්වය ඉතා ඉහළ මට්ටමක පවතී. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් පළවන මෙවැනි පුවත් සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ද අපකීර්තියට පත් කිරීම, මාධ්‍ය සදාචාරය අගයන සියලු දෙනා වටිනාකමක් නොදෙනු ඇතැයි හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අංශය ලෙස අප විශ්වාස කරමු


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements