Featured News

Video Gossip

Advertisement


රථ වාහන හැසිරවීමේ කටයුතු සඳහා යුධ හමුදාව අද (24) සිට පොලිසියේ සහායට එක් කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ උපදෙස් මත වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් මෙම වැඩපිලිවල අද සිට ක්‍රියාත්මක කිරිමට උපදෙස් ලබාදී තිබෙනවා.

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන් කර සිටියේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෙරවරුවේ සහ පස්වරුවේ ඇතිවන මාර්ග තදබදය අවම කරලීමේ අරමුණින් රථ වාහන පොලිසියේ සහය සඳහා යුධ හමුදාවේ පොලිස් රෙජිමේන්තුවේ නිලධාරින් අනියුක්ත කරන බවයි.

ඒ අනුව වැඩි වශයෙන් මාර්ග තදබදය පවතින කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෙරවරු 7 සිට 10 දක්වා ද, සවස 4 සිට 7 දක්වා යුධ හමුදා පොලිසියේ නිලධාරින් රථ වාහන හැසිරවීමේ රාජකාරියට එක්වෙනු ඇති.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements