2015ට පෙර පැවති රජය විසින් මහින්දෝදය විද්‍යාගාර ඉදි කිරීම සඳහා තමන් එකකින් රුපියල් ලක්ෂ 10 බැගින් වංචාකර ඇති බව ඔප්පු කරන්නේ නම් ගාලු මුවදොරට පැමිණ බඩ කපාගෙන මැරෙන බව කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
මෙම චෝදනාව තමන්ට ජනතා විමුක්ති පෙරමුණ විසින් එල්ල කර ඇති බවත් එය ඉක්මනින් විභාග කර තීන්දුවක් දෙන ලෙස තමන් අල්ලස් හා දුෂණ කොමිසමට, මූල්‍ය අපරාධ කොට්ඨාශයට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවද ඔහු පැවසීය.
තමන් ඉදිරි මහ මැතිවරණයට අපේක්ෂකයකු ලෙස තරග කරන නිසා මෙම චෝදනාවලින් නිදහස් වීමට උවමනා යයිස ඔහු සඳහන් කළේය.
තමන් සත පනහක් හෝ වංචා කර ඇතැයි පැවසුවහොත් ගාලු මුවදොරට පැමිණ බඩ කපාගෙන මිය යනවා මිසක් ගෙදර නොයන බවද ඔහු කියා සිටියේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

