Advertisement

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා රාජකාරිය කරමින් සිටි නාගරික සංවර්ධන අධිකාරි නිලධාරීන්ට දැඩි ලෙස තර්ජනය කරමින් බාදා කර තිබේ.

නුවරඑලිය ග්‍රෙගරි වැව ආසන්නයේ පිහිටි ඉදිකර තිබූ අනවසර ජංගම අවන්හලක් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් ඉවත් කිරීමට ගිය අවස්ථාවේ මෙම තත්ත්වය ඇතිවිය.

අදාළ අවන්හලේ බදු කාලසීමාව පසුගිය දෙසැම්බර් මාසයේදී අවසන් වී ඇති නිසා එය ඉවත් කර ගන්නැයි කල දැනුම් දීම් නොතකා මෙතෙක් ඉවත් නොගැනීම හේතුවෙන් නිලධාරීන් පැමිණ එය ඉවත් කිරීමට ගිය අවස්ථාවේ දී මෙම ගැටුම්කාරී තත්ත්වය ඇතිවිය.

රාජකාරිය සිදු කිරීමට පැමිණි තමන්ට බලපෑම් නොකරන ලෙස නිලධාරියා කොතෙක් ඉල්ලා සිටියේ ද ඇමැතිවරයා ඉතා අශීලාචාර ලෙස එහිදී නිලධාරියාට බැන වැදුණේය.

අවසානයේ නාගරික සංවර්ධන අධිකාරිය දැනුම් දුන්නේ පැය 48ක් ඇතුලත මෙම ගොඩනැගිල්ල ඉවත් කරගන්නා ලෙසයි.

මන්ත‍්‍රීවරයා විසින් අනියමින් මරණ තර්ජනය කල බව පසුව මාධ්‍ය අමතමින් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියා පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements