Featured News

Video Gossip

Advertisement

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ පෙබරවාරි 20 දක්වා අයැදුම්පත් භාර ගැනේ.

රැකියා අපේක්ෂකයන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ප්‍රථම උපාධි පාඨමාලාවක් හෝ එයට සමාන සුදුසුකමක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ 2019-12-31 වන දිනට සම්පූර්ණ කර තිබිය යුතුය.

අයැදුම්කරු, අයැදුම්පත ඉදිරිපත් කරනු ලබන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථීර පදිංචිකරුවෙකු විය යුතුය. පදිංචිය සහ 2020-01-01 දිනට උපාධිය ලබා වසරකට වැඩි කාලයක් රැකියා විරහිතව සිටි බවට ග්‍රාමනිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කළයුතුය.

අයැදුම්පත නිසි පරිදි සම්පූර්ණ කර උපාධි සහතිකය හෝ ඩිප්ලෝමා සහතිකය සහ ප්‍රතිඵල ලේඛනයේ ඡායා පිටපතක් (මුල් පිටපත අනුව, සසඳා සාමදාන විනිශ්චයකාරවරයෙකු/නීතිඥයෙකු විසින් සත්‍ය පිටපතක් බව සහතිකකර) 2020-02-20 වන දිනට පෙර ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ස්පීඩ් පෝස්ට් කූරියර් සේවාව මගින් එවිය යුතුය. 

අයැදුම් පත්‍රය ජනාධිපති කාර්යාලීය www.presidentsoffice.gov.lk වෙබ් අඩවියෙන් බාගත හැකිය. මේ පිළිබද වැඩිදුර තොරතුරු 0112433261 දුරකථන අංකය ඔස්සේ ලබා ගත හැක.

රැකියා විරහිත උපාධිධාරින්/ඩිප්ලෝමාධාරී රැකියාගත කිරීමේ වැඩසටහන 2020, ආයතන කළමනාකරණ සහ සම්බන්ධිකරණ අංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර, කොළඹ 01 ලිපිනයට අයැදුම්පත් යොමු කළ යුතුය.

ලිපියේ වම් පස ඉහළ කෙළවර, රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන - 2020 ලෙස සඳහන් කර තිබිය යුතුයි. නියමිත දිනට පසුව ලැබෙන අයැදුම්පත්‍ ප්‍රතික්ෂේප කරනු ලැබේ.

තෝරා ගනු ලබන අපේක්ෂකයන් අභ්‍යාසලාභීන් ලෙස වසරක පුහුණු කාලයකට යටත් වනු ඇත. ඔවුහු ග්‍රාමීය හා වතු පාසල්, ප්‍රාදේශීය වාරිමාර්ග කාර්යාල, ගොවිජන සේවා මධ්‍යස්ථාන, ප්‍රාදේශීය වනජීවි කාර්යාල, දේශීය ආයුර්වේද රෝහල්, ග්‍රාමීය රෝහල්/ඩිස්පෙන්සරි, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම ගොවි පොළ, ව්‍යාප්ති සේවා මධ්‍යස්ථාන, ග්‍රාමීය සුළු අපනයන භෝග කාර්යාල, තක්සේරු දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව යන සේවාවන්හි නියුක්ත කෙරෙති.

වසරක පුහුණු කාලය තුළ රුපියල් 20,000/ක දිමනාවක් ගෙවනු ලැබේ. දිස්ත්‍රික්ක පදනමින් පත්වීම් කෙරෙන අතර පළමු පත්වීම ලබන දිස්ත්‍රික්කයේ වසර 05ක් සේවය කිරීම අනිවාර්ය වේ.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements