Advertisement

වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පොලිස් විශේෂ කාර්ය බළකායේ රාජකාරි සඳහා බාධා එල්ල කරන බව වාර්තා වනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ අනවසර මැණික් ජාවාරමේ යෙදෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සඳහා ඔහු බාධා එල්ල කරන බවයි වාර්තා වන්නේ.

මේ අතර අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය වරයා හමුවූ අවස්ථාවේ දී ද පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් නතර කරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

“අගමැතිතුමනි, සම්ප්‍රදායික මැණික් කර්මාන්තයේ යෙදෙන මිනිස්සුන්ට ඒ වැඩේ කරගෙන යන්න ඉඩ දෙන්න. STF එකෙන් පැනලා වැටලීම් කරලා මේ මිනිස්සු අල්ලගෙන යනවා.

පසුගිය ආණ්ඩුව කාලෙදී මෙහෙම වැටලීම් කරලා මිනිස්සු අසරණ කළා. ආණ්ඩු වෙනස් වුණාම අපි හැමෝම සිතුවා, සම්ප්‍රදායික මැණික් කර්මාන්තකරුන්ට එම කර්මාන්තයේ නිරත වෙන්න ලැබෙයි කියලා. එහෙම වුණේ නැහැ.

පායන කාලෙට තමයි ගංගා, ඇළ ‍ෙදාළවල වතුර නැහැ. ඒක නිසයි අපි කියන්නේ මේ සම්ප්‍රදායික මැණික් කර්මාන්තකරුවන්ට ඉඩ දෙන්න කියලයි.” යනුවෙන් වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළ අතර මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා කියා සිට ඇත්තේ ඒ ගැන අවධානය යොමු කරන බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements