Featured News

Video Gossip

Advertisement

පසුගියදා අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු ධූත පිරිස සමග ඉන්දියාවේ සිදුකල සංචාරය තමන්ගේ පළමු රාජ්‍ය තාන්ත්‍රික සංචාරය බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රසන්න රණවීර පවසනවා. සමාජ මාධ්‍ය වීඩියෝ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවා සිටියා.

එම සාකච්ඡාවේදී ඔහු පසුගිය යහපාලන රජය සිටින කාලයේදී පාර්ලිමේන්තුව තුල කතානායකවරයාගේ පුටුවට වතුර දැමීම මන්ත්‍රීවරයෙකුට ගැලපෙන ක්‍රියාවක් නොවන බවට ඔහු පැවසුවා. මේ අතර ඔහු ඒ සම්බන්ධව කණගාටුව පලකලා. 

පාර්ලිමේන්තුවේ පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක් එල්ල කිරීමද තමන්ගේ නොදැනුවත්කමින් සිදුවුන බවට පැවසු මන්ත්‍රී රණවීර වැඩිදුරටත් සඳහන් කලේ තමන් එම පිරිස මැරයින් බවට සිතූ බවයි.

මේ අතර කෙටි කාලීන ආණ්ඩුවක් තුල තනතුරු ගැනීමට තමන්ට සූදානමක් නැති බව ඔහු අගමැතිවරයාට මීට පෙර පවසා තිබූ බවටද මෙම සාකච්ඡාවේදී මන්ත්‍රීවරයා පවසා සිටියා. කෙසේ නමුත් ඊළඟ පාර්ලිමේන්තුවේදී රාජ්‍ය ඇමතිකමක් හෝ නියෝජ්‍ය ඇමතිකමක් ලැබීම තමන් අපේක්ෂා කරන බවත් ප්‍රසන්න රණවීර මෙහිදී සඳහන් කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements