Featured News

Video Gossip

Advertisement

විශ්‍රාමික බැංකු නිලධාරියකුට සමීප ඇසුරක් පැවැත්වීමට කාන්තාවක් ලබාදී හොර රහසේ වීඩියෝගත කර රුපියල් ලක්ෂ හතළිහක කප්පම් මුදලක් ලබාගැනීමට උත්සාහ දැරූ ප්‍රධාන සැකකරු මාසයකට පසු මතුගම නගරයේදී අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

මෙම සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙක් පැමිණිල්ල ලද දිනවලදීම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 

කාන්තාවක් සමඟ පැවැත්වූ සමීප ඇසුර අන්තර්ජාලයට මුදා හරින බව පවසා තර්ජනය කර රුපියල් ලක්ෂ හතළිහක මුදලක් ඉල්ලන බවට එම විශ්‍රාමික බැංකු නිලධාරියා කරන ලද පැමිණිල්ලක් අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

කාන්තා ඇසුරට දැඩි ඇල්මක් දැක්වූ පැමිණිලිකරුගේ ඉල්ලීම අනුව සැකකරු කාන්තාවක් ඔහුගේ නිවෙසටම සපයා දී තිබූ බව පොලිසිය කියයි. අනතුරුව මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරු හා එක්ව ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර දින කිහිපයකට පසු එය විශ්‍රාමික බැංකු නිලධාරියාට පෙන්වා රුපියල් ලක්ෂ හතළිහක මුදලක් ඉල්ලා ඇති අතර එය ලබා නොදුනහොත් අන්තර්ජාලයට මුදා හරින බවට පවසමින් තර්ජනය කර තිබූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

මෙයින් දැඩි භීතියට පත්වූ පැමිණිලිකරු සැකකරුවන්ට රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබා දී තිබූ අතර ඉතිරි මුදල් ඊට සතියකට පසු ලබාදෙන බව පවසා තිබූ බව පොලිසිය කියයි. ඒ අතරතුර බැංකු නිලධාරියා ඒ බව කරන ලද පැමිණිල්ලකට අනුව ඉතිරි රුපියල් ලක්ෂ 38ක මුදල ලබාගැනීම සඳහා බැංකු නිලධාරියාගේ නිවෙසට පැමිණි සිටි සැකකරු එම දිනවලම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 

ඒ සම්බන්ධයෙන් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී ඔවුන් සැලසුම්සහගතව බැංකු නිලධාරියාට කාන්තාවක් සපයා දී එය වීඩියෝ ගත කළ බවත් එම කාන්තාවට ඒ සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ලබාදුන් බව ප්‍රකාශ කළ බව පොලිසිය කියයි.

එලෙස මුදල් ලබාගත් එම කාන්තාවද අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහත්වරුන්ගේ උපදෙස් මත කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග සංජීව, පොලිස් පරීක්ෂක වීරසිරි, පොලිස් සැරයන්වරුන් වන වීරසේන (55202), ජයන්ත (17668), දයාසේන (26019), රත්නායක (37109), කොස්තාපල්වරුන් වන ජගත් (41055), මුණසිංහ (50880), සරත් (49251), ගුණවර්ධන, ගයාන් (44817), ගුණවර්ධන (76034) ගුණවර්ධන (85848), මලින්ද (968), ප්‍රියන්ත (95150), කොස්තාපල්වරියන් වන දිලූපා (2678), වත්සලා (7602), පොලිස් සැරයන් රියැදුරු තිලකරත්න (80621) යන මහත්වරු පරීක්ෂණ පවත්වති. 




එම්.සී. පෙරේරා

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements