Featured News

Video Gossip

Advertisement

පසුගිය යහපාලන රජය සමයේ සිදු කර ඇති බව කියන මහා පරිමාණ වංචා, අයථා ඉඩම් ගනුදෙනු ඇතුළු බරපතළ මූල්‍ය අක‍්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා ළඟදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ප‍්‍රශ්න කිරීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසනවා.

හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා පසුගිය රජය සමයේ සිදු කර ඇති බව කියන මූල්‍ය අක‍්‍රමිකතා, වංචා ,අයථා ඉඩම් ගනුදෙනු රැසකට අදාළ ලිපි ගොනු විශාල ප‍්‍රමාණයක් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.

මෙම ලිපි ගොනුවලට අදාළ තොරතුරු ලබා ගත් වහාම මේ සම්බන්ධයෙන් හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ප‍්‍රශ්න කිරීම් ආරම්භ කරන බව ද පොලිස් මූලස්ථානය පවසනවා.

රිෂාඞ් බදුර්දීන් මහතා පසුගිය රජය සමයේ වාණිජ හා පාරිභෝගික කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දී සතොස හරහා සිදුකළ රුපියල් කෝටි ප‍්‍රකෝටි ගණනින් වූ මුදල් වංචා රැසක් පිළිබඳ තොරතුරු මේ වනවිට අනාවරණය වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

සතොසට සහල් මිලදී ගැනීමේදී සහ ජෙනරේටර් විශාල ප‍්‍රමාණයක් මිලට ගැනීමේදී සිදුවී ඇති බව කියන මහා පරිමාණ වංචා රැුසකට අදාළ ලිපි ලේඛන 67 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රිෂාඞ් බදුර්දීන් මහතාට අයත් කොළඹ පිහිටි නිවසේ සඟවා තිබියදී සොයා ගෙන තිබුණා.

ඊට අමතරව මෙම නිවසේ තිබී රටේ විවිධ ප‍්‍රදේශවල පිහිටි ඉඩම් රාශියකට අයත් ඔප්පු තොගයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන ඇත. මෙම ඉඩම් වැඩි ප‍්‍රමාණයක් වෙනත් පුද්ගලයන්ගේ නම් පාවිච්චි කරමින් ඉතාම අඩු මිල ගණන්වලට මිලදී ගෙන ඇත්තේ තම දේශපාලන බලය පාවිච්චි කරමින් බවත් මේ වනවිට අනාවරණය වී ඇති වාර්තා වනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements