Featured News

Video Gossip

Advertisement

ජනපතිවරණය ජයගනු ලැබුවේ ජාතිවාදීව සිංහල ජනතාව උසිගන්වමින් වුවත් මහ මැතිවරණයේදී එම උපාය සාර්ථක නොවිය හැකි බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් පැවැසීය.

සුළු දේශපාලන පක්ෂවල සහායක් නොමැතිව තනිවම ආණ්ඩු පිහිටුවන බවට ඇතැම් ජාතිවාදී දේශපාලනඥයන් පවසමින් සිටින බවත්, ඔවුන්ට තම මෝඩකම තේරුම් ගත හැකිවනු ඇත්තේ මහ ඡන්දයකින් පසුව බවත් රිෂාඩ් බදියුදීන් මහතා කීය.

ඉන්දියාවේ ජීවත් වන මුස්ලිම් ජනතාව තම පුරවැසිභාවය වෙනුවෙන් අරගල කරන ආකාරය පිළිබඳව අපි වඩාත් හොඳ අවධානයකින් වෙසෙන්නෙමු. කාලයක් පුරාවට ඉන්දියාවේ එම ප්‍රදේශවල ජීවත් වූ මුස්ලිම් ජනතාව අද දේශපාලනමය වශයෙන් කොන් කිරීමකට ලක්කර තිබෙනවා. මර්දනය කිරීමකට ලක්ව තිබෙනවා.

මාස දෙකක් වැනි සුළු කාලයක් ඇතුළත වත්මන් සුළුතර ආණ්ඩුව විසින් සුළු ජන කොටස් පීඩාවට ලක් කළ අයුරුත් සමස්ත ජනතාවට පැහැදිලි වී හමාරයි. හදිසියේවත් ඔවුන් තනිව ආණ්ඩු පිහිටුවහොත් සුළු ජන කොටස්වල තත්ත්වය කෙබඳු වනු ඇද්දැයි සිතා ගත නොහැකියි.

සුළු ජනකොටස් විසින් දැනට යම් වරප්‍රසාදයක් භුක්ති විඳින්නේද එයද විනාශ කිරීමේ අරමුණින් යම් යම් නීති අණපනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් තිබෙනවා. එයට හොඳම උදාහරණය වන්නේ යම් දේශපාලන පක්ෂයක් ආසනයක් ලබාගැනීමට නම් ගත යුතු ඡන්ද ප්‍රතිශතය සියයට 05 සිට සියයට 12.5 දක්වා වැඩි කළ යුතු බවට ගෙන එනු ලබන යෝජනාවයි.

සුළු ජනතාවට පසුගිය කාලයේ බොහෝ කරදර විඳීමට සිදුවුණා. ඒ අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටියේ කවුද? අපගේ නිවාස, කඩසාප්පු ගිනිබත් කරන විට පැනගියේ කවුරුන්ද? දිගන, තෙල්දෙණිය සිදුවීම්වලදී ඒවා සමනය කිරීමට ඉදිරිපත් වුණේ කවුරුන්ද? එහෙත් අද ඇතැමුන් තමන්ගේ පටු වාසි වෙනුවෙන් ආණ්ඩුව පෙනී සිටිනවා.”

ලක්ෂ්මී ජයකොඩි

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements