Featured News

Video Gossip

Advertisement

දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය ‘හදවත’ ලකුණින් ලියාපදිංචි කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට ලබාදුන් අයැදුම්පත්‍රය මැතිවරණ කොමිසම විසින් පිළිගත් බව පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ මහතා පවසනවා.

ඊයේ (17 වැනිදා) මැතිවරණ කොමිසමට සිය පක්ෂය ලියාපදිංචි කිරීම සඳහා අයැදුම්පත භාරදීමෙන් අනතුරුව කොමිසම ඉදිරියේදී මාධ්‍ය හමුවේ අදහස් පළකරමින් හෙතෙම මේ බව සඳහන් කර සිටියා.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කරන ලද සමගි ජාතික බලවේගය සඳහා යෝජනා කර ඇති ‘හදවත’ සලකුණ සිය පක්ෂය වෙනුවෙන් ලබාදීමට මැතිවරණ කොමිසම එකඟතාව පළකළ බවත් දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

‘‘අද තමයි නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරී‍මේ අවසාන දිනය. අද අපි මැතිවරණ කොමිසමේ ලේකම්වරයා මුණගැසිලා අපේ පක්ෂය මේ රටේ ලියාපදිංචි දේශපාලන පක්ෂයක් විදිහට පිළිගන්න කියලා ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීම එතුමා විසින් පිළිගත්තා. දින දාතම දාලා අපිට ලිපියකින් අනුමැතිය ලබාදුන්නා. දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව අනුව අපේ විධායක සභාව පක්ෂයේ ලාංඡනය විදිහට තෝරාගෙන තියෙන්නේ හදවත. සජිත් ප්‍රේමදාසයි, එක්සත් ජාතික පක්ෂයයි හදවත තෝරාගන්න කලින් තමයි අපේ පක්ෂය හදවත තෝරගත්තේ.’’ යනුවෙන්ද ලේකම්වරයා කියා සිටියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements