Advertisement

ආණ්ඩුවේ සමහර ඇමතිවරුන් මේ වන විට කිසිසේත්ම දුරකථනයෙන් හෝ සම්බන්ධ කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් එය ඉතා කනගාටුදායක තත්ත්වයක් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

ඇතැම් ඇමතිවරුන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කිරීමේ දී ඔවුන් ළඟ සිටින නිලධාරින් සහ කේවට්ටයන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ජනාධිපති සහ රජය ගැන ජනතාව අප‍්‍රසාදයට පත් වන බව ද උන්වහන්සේ පැවසූහ.

මෙවන් කටයුතු ඉක්මනින්ම නිරාකරණය කර නොගතහොත් පසුගිය ආණ්ඩුව මුහුණ දුන් ආකාරයේම ජනතා විරෝධයකය ඉතා නුදුරු දිනකදී ආණ්ඩුවට මුහුණ දීමට සිදුවන බවද උන්වහන්සේ සඳහන් කළහ.

දුෂ්කර කාලයේ දී සටන් පෙරහැරේ ගිය පිරිස් ඉවතට දමා එකල දකින්නවත් නොසිටි අලුත් පිරිස් අද වන විට ප්‍රධානීන් වටා ඒකරාශී වීමට පටන් ගෙන ඇති බවටද උන්වහන්සේ කියා සිටියහ.

ආනන්ද හිමියන් මේ බව කියා සිටියේ නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements