Advertisement

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තමනට සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඉල්ලීමක් කර ඇත.

එම මැතිවරණයේදී තම පාර්ශ්වයට එල්ලවන චෝදනා වලට වහා පිළිතුරු දීම සඳහා නිදහසේ කටයුතු කිරීම සඳහා මෙම අවස්ථාව අවශ්‍ය යයි ඔහු සදහන් කර ඇත.

එමෙන්ම නව සන්ධානයේ ජාතික සංවිධායක තනතුරද තමන්ට ලබාදෙන ලෙස ඔහු ඉල්ලීමක් කර තිබේ.

කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස මහතාගේ අදහස වී ඇත්තේ හරීන් ප‍්‍රනාන්දු මහතා මැතිවරණයට තරග කළ යුතු බවකි.

නමුත් ඉල්ලීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නැත.

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ගොඩනැගෙන නව සන්ධානයේ ජාතික සංවිධායක ධුරය හිටපු ඇමති චම්පික රණවක මහතාට ලබා දීමේ සූදානමක් ඇතැයි ද වාර්තා පළවිය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements