Featured News

Video Gossip

Advertisement

කඩවත පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල් රියැදුරු පැහැරගෙන යෑමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී තිබෙනවා.

හෙරොයින් ජාවාරම්කාරියක සමඟ අනියම් ප්‍රේමයක බැඳුණු බව කියන මොහු ඇයගේ පුත්‍රයා විසින් පැහැරගනු ලැබ ඇති බවට පොලිසිය සැක කරනවා.

ත්‍රිරෝද රථයකින් පොලිස් කොස්තාපල් පැහැරගෙන ගොස් ඝාතනය කොට පන්නල ප්‍රදේශයේ කැලයකට ගෙන ගොස් දැමූ බවට ඇති සැකයක් මත එම කැලෑ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මීට අදාළ පන්නල පොලිස් බල ප්‍රදේශයට අයත් කංකානියමුල්ල රජයේ රක්ෂිතයේ ඊයේ (19) දිනද සෝදිසි මෙහෙයුමක් කළ බව කැලණිය කොට්ඨාස භාර අපරාධ විමර්ශන ඒකකය පසඳහන් කළා.

පොලිස් නිල සුනඛයන්ද යොදා ගනිමින් රක්ෂිතයේ කළ මෙහෙයුමෙන් මිනිස් ලේ බවට අනුමාන කළ හැකි ලේ පැල්ලම් කිහිපයක් සහ සැකකටයුතු එක් පාවහනක්ද රක්ෂිතයේ වැටී තිබී හමු වූ බවත් පොලිසිය සඳහන් කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements