Advertisement

විදේශීය ධීවර යාත්‍රා වන්ට මේ රටට ඇතුළුවීමට ඉඩ ලබාදීමේ සිදුවීමට තමන් සම්බන්ධ යැයි ඇතමුන් ප්‍රකාශ අසත්‍ය බව ධීවර රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා සඳහන් කරනවා.
ශ්‍රී ලංකාවේ ධීවරයන්ට සිය මත්ස්‍ය අස්වැන්නට නිසි මිලක් නොලැබෙන ලෙස එවැනි කටයුත්තක තමන් නිරතවන බවට චෝදනා නැගෙන බවයි ඔහු සඳහන් කළේ.

ඔහු මේ බව සඳහන් කළේ විදෙස් ධීවර යාත්‍රාවන් මෙරට මුහුදු සීමාවට පැමිණීමෙන් මෙරට ධීවරයන්ගේ මාළු වලට නිසි මිලක් නොලැබීම ගැන ධීවර ජනතාව සමඟ පැවති සාකච්ඡාවකදීයි.

විදේශීය ධීවර යාත්‍රා මෙරටට ගෙන්වීමට තමන් සම්බන්ධ යයි කිසිවෙකු ඔප්පු කරන්නේ නම් තමන් ජනතාව ඉදිරියට පැමිණ වස කුප්පියක් ප්‍රසිද්ධියේ බී දිවි නසාගන්නා බවද ඇමතිවරයා සඳහන් කර සිටියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements