Featured News

Video Gossip

Advertisement

කටුනායක ගුවන්තොටුපොළ වෙත විදේශගත වීම සඳහා බස් රථවලින් පැමිණෙන ගුවන් මගීන්ට ගුවන්තොටුපොළ දුම්රිය ස්ථානයේ සිට නොමිලේ ක්‍රියාත්මක වන නව බස් රථ සේවාවක් ගුවන්තොටුපොළ ගුවන් සේවා සමාගමේ මැදිහත් වීමෙන් ආරම්භ කර තිබෙනවා.

මෙම නව බස් රථ සේවාව සඳහා වායුසමනය කළ බස් රථ 02ක් දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක වන ආකාරයට සේවයේ යොදවා ඇති බව සඳහන් කළා.

මීට පෙර අවස්ථාවල බස් රථවලින් පැමිණෙන ගුවන් මගීන් තම ගමන් මලු රැගෙන මෙම දුර පා ගමනින් අව් වැසි මැද දුෂ්කර ගමනක යෙදුණු අතර මෙසේ අපහසුතාවට පත්වී සිටි ගුවන් මගීන් ත්‍රිරෝද රථ සහ කුලී රථ රියැදුරන් විසින් විශාල මුදලක් අය කර ගුවන්තොටුපොළ වෙත රැගෙන යෑමද සිදුකළා.

මේ තත්ත්වය ජනාධිපතිවරයා වෙත වාර්තා වීමෙන් පසුව, ඔහුගේ නිර්දේශ මත මෙම නව බස් රථ සේවාව ආරම්භ වී තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements