Advertisement

කොරෝනා වයිරසය පැතිරයාම නිසා වසා දැමුණු චීනයේ වූහාන් නගරයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් යළි මෙරටට රැගෙන ඒම සඳහා ජීවිත අවදානම ද නොතකා ස්වේච්ඡාවෙන් ක්‍රියා කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය අද (03) ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඇගයීමට ලක්වුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ ආරාධනය අනුව ඔවුහු අද (03) ජනාධිපති කාර්යාලයේ දී භෝජන සංග්‍රහයකට ද එක්වුණා.

මෙහෙයුමට එක් වූ සමස්ත කාර්ය මණ්ඩලය මවුබිම වෙනුවෙන් කළ කැපවීම රටේ සෑම ක්ෂේත්‍රයකටම වැදගත් ආදර්ශයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙහිදී කියා සිටියා.

මෙහිදී ගුවන් නියමුවාගේ සිට සියලුම දෙනා එකම අරමුණකින් ක්‍රියා කළ බව කී ජනාධිපතිවරයා ඔවුන් ගත් අවදානම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නම ඉතිහාසයට එක් වූ බව ද සඳහන් කළේය.

ජාතික අනන්‍යතාව රැක ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉදිරියට ගෙන යාමටත්, ලොව ප‍්‍රධාන ගුවන් සමාගම් සමඟ සමසේ නැගී සිටිය හැකි ආයතනයක් බවට පත් කිරිමටත් පූර්ණ සහාය දෙන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළා.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements