වෘත්තීය සමිති නායකයෙකු වන සමන් රත්නප්‍රිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (5) දිවුරුම් දුන්නා.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට සමන් රත්නප්‍රිය සිල්වා පත්කරන ලෙස, එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මැතිවරණ කොමිෂන් සභාවට පසුගියදා දැනුම් දෙනු ලැබු අතර ඒ අනුව මෙම පත්කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනවාරි 27 වැනිදා නිකුත් කරනු ලැබුවා.
වෘත්තීය සමිති නායකයෙකු වන සමන් රත්නප්‍රිය හෙද ඩිප්ලෝමාධාරියෙකු ද වන අතර බලපිටිය රේවත මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් ද වනවා.

