පසුගිය පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය වලක්වා නොගැනීමේ වගකීම මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට කිසිසේත්ම මිදිය නොහැකි බව මහේෂ් සේනානායක හිටපු හමුදාපතිවරයා පවසනවා.
හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයාට එහි වගකීම පවරා හිටපු ජනාධිපතිවරයාට එහි වගකීමෙන් මිදිය නොහැකි බව ද ඔහු සඳහන් කළා.
ඒ මොහොතේ දී යුද හමුදාවට එවන් සිදුවීමට මැදිහත්වීම සඳහා බලයක් නොතිබූ බවද ඔහු තව දුරටත් සඳහන් කර සිටියා.

