Advertisement

ලියුම් බෙදන මුවාවෙන් මත්කුඩු බෙදා හැරීමේ නිරතව සිටි ලියුම් බෙදන්නෙක් රුපියල් ලක්ෂ 2 ට ආසන්න වටිනා මත්කුඩු සමඟ බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල තැපැල්හළට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පුද්ගලයෙක් බවද පොලිසිය සඳහන් කළා.

මෙම සැකකරු කාලය පටන් ලියුම් බෙදීමේ මුවාවෙන් මත්කුඩු බෙදන බවට පොලිසියට ලැබුණු බුද්ධි තොරතුරක් මත නිලධාරීන් පෙරේදා පස්වරුවේ දෙමටගොඩ දී වැටලීමක් සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ ලියුම් අතර හොරොයින් ග‍්‍රෑම් 21 යි මිලි ග‍්‍රෑම් 200 ක ප‍්‍රමාණයක් තිබු බව පොලිසිය පවසනවා. අත්අඩංගුවට ගත් සැකකරු බොරැල්ල සිරිසර උයන නිවාස සංකීර්ණයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු අද (12) මාලිගාකන්ද අධිකරණය හමුවට ඉදිරිපත් කර දින 7 රැදවුම් නියෝග ලබාගෙන ප‍්‍රශ්න කරමින් පසුවනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements