සජිත්ගේ නව පක්ෂය සමග නිදහස් පක්ෂයේ ප්‍රබලයන් පිරිසකුත් එක්වෙන ලකුණු
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
Latest News
,
News
,
Politics
,
Sajith-Premadasa
,
side-gossip
,
SLPF
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් බිහි කරන නව සන්ධානය සමඟ එක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රබලම නායකයන් ඇතුළු පිරිසක් කැමැත්ත පළ කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ස පිරිසේ ප්‍රධාන ඉල්ලීමක් වී ඇත්තේ අලියා ලකුණ වෙනුවට පොදු ලකුණක් ඉදිරිපත් කිරීම බවද ඔහු සඳහන් කළා.
මේ හේතුවෙන් අලියා ලකුණ හැර වෙනත් ලකුණක් සන්ධානයේ මැතිවරණ ලකුණ ලෙස ඉදිරිපත් විය යුතු බවද ඔහු කියා සිටියා.
එක්සත් ජාතික පක්ෂයට සහ අලියා ලකුණට එකතු විය නොහැකි බොහෝ පිරිසක් පොදු ලකුණක් පොදු වර්ණයක් යටතට එක් කළ හැකි යැයිද පෙන්වා දෙනවා.
මන්ත්‍රීවරයා කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
කෙසේ වෙතත් බිහිවන නව සන්ධානයේ ලේකම් ධුරය අනිවාර්යෙන්ම රංජිත් මද්දුම බණ්ඩාර මහතාට හිමි විය යුතු යයිද ඔහු තව දුරටත් පැවසීය.

