Featured News

Video Gossip

Advertisement

දරුවෝ හැමදාම මගෙන් අහනවා තාත්තා කෝ කියලා.
මම මොනවාද දරුවන්ට කියන්නේ. 
දරුවෝ හැමදාම පාසල් යන්නේ අඬ අඬා.

යුද අපරාධකරුවෙකු ලෙස මරණීය දණ්ඩනය නියමවී සිටින යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ මේජර් ඩික්සන් රාජමන්ත්‍රී පිළිබඳව යළිත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

මේජර් ඩික්සන් රාජමන්ත්‍රීට මරණ දණ්ඩනය නියම වීම නිසා ඔහුගේ බිරිඳත්, දරුවන් තිදෙනාත් පත්ව ඇති අසරණ තත්ත්වය පිළිබඳව මෙහිදී කතාබහට ලක්ව තිබුණා.

මේජර් ඩික්සන් රාජමන්ත්‍රීගේ බිරිඳ වූ ගීතාංජලී මෙලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

“දරුවෝ හැමදාම මගෙන් අහනවා තාත්තා කෝ කියලා. මම මොනවාද දරුවන්ට කියන්නේ. දරුවෝ හැමදාම පාසල් යන්නේ අඬ අඬා. මම ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ රට වෙනුවෙන් දිවි පරදුවට තබා සේවය කරපු මගේ මහත්තයාට ජනාධිපති සමාව දෙන්න කියලායි.”

මේජර් ඩික්සන් රාජමන්ත්‍රීගේ දරුවන් තිදෙනාම ගැහැනු දරුවන්ය. කුඩාම දැරියද මේ වසරේ පාසලට ඇතුළත් කර ඇති අතර නිවසේ කටයුතු ඇතුළු විවිධ අවශ්‍යතා සඳහා මේජර්වරයා ලබාගත් ණය හේතුවෙන් ඔහුගේ වැටුපෙන් තමන් අතට ලැබෙන්නේ රුපියල් 12,000.00 ක මුදලක් බවද බිරිඳ පවසනවා.

මේජර් ඩික්සන් රාජමන්ත්‍රී 1998 වසරේ සිට සන්නද්ධ බුද්ධි බළකාය යටතේ රාජකාරි කටයුතු කළ ඔහු කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව බුද්ධි මෙහෙයුම් රැසක් සිදු කරන ලද විශිෂ්ට යුද හමුදා නිලධාරියෙකි.

සිව්වන ඊළාම් යුද සටනේදී මුලතිව් මෙහෙයුම සඳහා වැලිඔය සිට ආරම්භ කරන ලද ක්‍රියාන්විතයේ 59 වැනි සේනාංකයේ සන්නද්ධ බුද්ධි නිලධාරියා ලෙස කටයුතු කරනු ලැබුවේද ඔහුයි. ඔහුගේ සුවිශේෂී දක්ෂතාව නිසා වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ හදවත බඳු මුලතිව් වන්ෆෝ බේස් කඳවුරේ ක්‍රියාකාරිත්වය අඩපණ කිරීමට යුද හමුදාවට හැකියාව ලැබුණා.

ලෝකයේ කුමන හෝ රටකින් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට භාරදීම සඳහා ආයුධ නැවක් පිටත් වූයේ නම්, ඒ නැව පැමිණෙන ස්ථානය ආදී තොරතුරු රැසක් මේජර් ඩික්සන් රාජමන්ත්‍රී දැන සිටි අතර මෙරට මෙන්ම පිටරට කොටි ඔත්තු ජාලය හරහා තොරතුරු ලබා ගැනීමට ඔහු මහත් සමතෙකු වූණා.

එවැනි දක්ෂතා රැසකින් හෙබි ඔහුට ඉකුත් 2018 වසරේදී මරණ දඬුවම හිමිවූයේ යාපනය, කෝපායි පොලිස් බල ප්‍රදේශයට අයත් තිරුනල්වේලි රජයේ පාලන ප්‍රදේශයේදී ක්ලේමෝ බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ චෝදනාවට කොටි බුද්ධි අංශ ප්‍රධානියෙකු වූ ඇන්ටන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හදිසියේ අසනීප වී රෝහල් ගත කිරීමෙන් පසු 1998 වසරේ සැප්තැම්බර් මස 10 වැනිදා මියයෑමේ සිද්ධියකට අදාළවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements