Featured News

Video Gossip

Advertisement

‘මයි කෝලා’ සිසිල් බීම නිෂ්පාදන සමාගමේ කඩවත කර්මාන්ත ශාලාවට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සීල් තබා තිබේ.
මෙම කර්මාන්ත ශාලාව ඊයේ (17) පස්වරුවේ සෝදිසි කළ අවස්ථාවේදී මෙසේ සීල් තබා ඇත්තේ එම කර්මාන්ත ශාලාවේ තිබී කල් ඉකුත් වූ අමු ද්‍රව්‍ය තොගයක් හමුවීම නිසා බව වාර්තා වේ.

අද (18) මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසද අධිකාරිය විසින් මෙම ආයතනයට දැනුම් දී ඇත.

සිසිල් බීම වර්ග කිහිපයක් වන මයි කෝලා, මයි ඔරේන්ජ, මයි ක‍්‍රීම්, මයි සෝඩා සහ ක්‍රිස්ටල් පානීය ජල බෝතල් මෙහි නිෂ්පාදනය කරමින් තිබී ඇතැයි පැවසේ.
පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් මෙම මස මුලදී වත්තල ප්‍රදේශයේ ' caravan fresh ' සන්නාමය ඔස්සේ පවත්වාගෙන ගිය කේක්,පේස්ට්‍රි ඇතුළු ආහාර නිෂ්පාදනය කල මදිනා ෆුඩ් පුද්ගලික සමාගමට අයත් නිෂ්පාධනාගාරයකට ද සීල් තබන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements