Advertisement

ඉවත් කරන ලද සාමාජිකයන් සිව්දෙනා අතුරින් කොළඹ පුරපති රෝසි සේනානායක පමණක් නැවත එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඇතුළත් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කැමැත්ත පළකර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් කොන්දේසියක් පනවමින් පවසා තිබුණේ රෝසි සේනානායක ඇතුළු එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කරන ලද සාමාජිකයන් සිව්දෙනා නැවත ඊට ඇතුළත් කරන තෙක් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම්වලට සහභාගි නොවන බවයි.

එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට රෝසි සේනානායක, අජිත් පී. පෙරේරා, සරත් ෆොන්සේකා සහ ඉමිටියාස් බාකිර් මාකර් යන කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් සිව්දෙනාගේ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.

ඒ පක්ෂ නායකත්වය ප්‍රසිද්ධියේ විවේචනය කිරීමේ චෝදනාව මතයි. කෙසේ වෙතත් එජාප නායකයාට සමීපව පසුගිය වකවානුව පුරාම කටයුතු කරන ලද කොළඹ පුරපතිනිය නැවත කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතුළත් කරගන්නා ලෙස රනිල් පාර්ශ්වයෙන්ම ඉදිරිපත් වූ යෝජනා සළකා බැලීමෙන් අනතුරුව එජාප නායකයා මෙසේ ඇය නැවත ඇතුළත් කර ගැනීමට කැමැත්ත පළකර ඇතැයි සිරිකොත වාර්තා සඳහන් කරනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements