Advertisement

බූස්ස බන්ධනාගාරයේ විශේෂ සිරමැදිරිවල රඳවා සිටින කුඩු ජාවාරම්කාර බේකරි ජානකට ජංගම දුරකථනයක් ලබාදීමට ගිය බව කියන ජේලර්වරයා ගැන විමර්ශනයක් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම විමර්ශන සඳහා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා බන්ධනාගාරයේ සීසීටීවී කැමරා දර්ශන ලබාගෙන ඇතැයි හෙළි වුණා.

බන්ධනාගාර නියාමකවරුන් විසින් කළ පැමිණිල්ලක් මත රාජ්‍ය ඇමැතිවරයා විසින් මෙලෙස සීසීටීවී දර්ශන ගෙන්වාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

බූස්ස බන්ධනාගාරයේ සීසීටීවී කැමරා යොදා තිබියදී කංජිපානි ඉම්රාන් ඇතුළු පාතාලයන්ට අයත් ජංගම දුරකථන කිහිපවතාවක්ම හසුවීමෙන් පසුව බන්ධනාගාර නියාමකවරුන් තිදෙනකුගේ වැඩ තහනම් කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පියවර ගෙන තිබුණා.

එලෙස වැඩ තහනම් කළ තිදෙනා යළි සේවයේ පිහිටුවන ලෙස රාජ්‍ය ඇමැතිවරයකු කළ දැනුම්දීමක් මත ඔවුන් යළි සේවයේ පිහිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

දැනට චෝදනා ලැබ ඇති ප්‍රධාන ජේලර්වරයා මීට පෙර එවැනි චෝදනාවලට අවවාද ලැබූවකු බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements