Advertisement

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙතෙක් තරග කරන ලද එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලයිස්තුවට නම් කිරීමට යෝජනා වී ඇත.

සජිත් පේ‍්‍රමදාස මහතා සන්ධානයේ නායකයා ලෙස ඉදිරිපත් වන නිසා මැතිවරණය මෙහෙය වීම පහසු කර ගැනීමට ඔහු කොළඹ දිස්ත‍්‍රික්කයට පැමිනෙන ලෙස කරන ලද යෝජනාවක් අනුව මෙසේ සැලසුම් කර ඇත.

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේදී සජිත් පේ‍්‍රමදාස මහතා දීර්ඝ කාලයක් තිස්සේ රාජපක්‍ෂවරුන් අතින් පරාජය වී තිබීමද මීට එක් හේතුවකි.

මේ අතර නව සන්ධානයේ මහ ලේකම් ලෙස රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා අද පස්වරුවේ නම් කරනු ඇති බව වාර්තා වනවා.

ඔහුගේ නමට රනිල් වික්‍රමසිංහ මහතා අකමැත්ත පළ කළ ද ඒ සඳහා ඔහුව කැමති කරවා ගැනීමට හැකිවනු ඇති බව සජිත් පාර්ශ්වයේ අදහස වී තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements