Advertisement

කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ කටුනායක සිට කොළඹ දෙසට මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

කොළඹ දෙසට මාර්ගයේ ආර් 17.2 සිට 18.1 දක්වා ඇති කොටසේ මාර්ගයෙන් පිටත ප්‍රදේශයේ හදිසි ගිනි ගැනීමක් සිදුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

මේ හේතුවෙන් ඇති වු දුමාරය මත කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජාඇල පිවිසුමේ සිට කටුනායක පිවිසුම දක්වා කොටස වාහන ගමනා ගමනයට තාවකාලිකව නවතා දැමීමට කටයුතු කළේය.

ඇති වු දුමාරය මේ වන විට ප්‍රදේශය පුරා ව්‍යාප්ත වීම හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථවාහන ගමන් කිරීමට දැඩි ලෙස බාධා එල්ල වී ඇතැයි පොලීසිය පවසයි.

ඒ හේතුවෙන් කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව පොලීසිය පවසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements