Featured News

Video Gossip

Advertisement

ජනපති හා අගමැති නොබියව රාජකාරි ඉටු කරන්නැයි පවසද්දී රාජකාරිය අකුරට ඉටු කරමින් සිටි වෙරළ සංරක්‍ෂණ නිලධාරියකුට දේශපාලන මැරයන් පිරිසක් අමානුෂික ලෙස පහරදී ඇතැයි සංවර්ධන නිලධාරි සේවා සංගමය පවසනවා.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ පසුගිය (11දා) හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවයේ නියුතු වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වෙරළ සංරක්‍ෂණ නිලධාරි පී.ඒ. ක්‍රිස්ටි විජය කුමාර මහතා බවත් මේ පිළිබඳව චෝදනා හතරක් ගොනු කොට CIB /02/11/31/24 අංකය යටතේ මීටියාගොඩ පොලිසියට පැමිණිලි කර ඇතත් අද වන තුරු ඊට ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියරච්චි මහතා සඳහන් කළා.

ඉහත කී දින ප.ව. 3.15ට පමණ ගාලු පාරේ ගොඩගම ප්‍රදේශයේ පිහිටි හෝටලයක හිමිකරු විසින් වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් වෙරළෙහි ආරක්‍ෂිත ගල්වැටි ඇතුළු ප්‍රදේශය අනවසරයෙන් ගොඩ කරමින් සිටි අවස්ථාවක ඊට විරෝධය පළ කරමින් අදාළ නිලධාරියා අනවසර ගොඩ කිරීම ඡායාරූප ගත කර ඇති බවත් එහිදී මෙසේ පහරදී ඇති බවත් සූරියාරච්චි මහතා පැවසුවා. 

ඔහු පැවැසුවේ අදාළ මැරයන් ජනාධිපතිවරයා, අගමැතිවරයා සමඟ පවතින බව කියන සමීප සබඳතාවන් ගැන කියමින් එසේ නිලධාරියාට පහරදී ඇති අතර මේ 

වනවිටත් ඔහු කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

වහාම මීට පියවර ගත යුතු බවද චන්දන සූරියාරච්චි මහතා විෂය භාර අමාත්‍යවරයාට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන වෙරළ සංරක්‍ෂණ නිලධාරියාට පහර දුන් මැර පිරිස අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක නොකළහොත් තමන් උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරන බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උපාධිධාරීන්ගේ වෘත්තීය සමිතියේ සභාපති යූ.ජී. ආර්. ජයශාන්ත මහතා පවසනවා.

මෙම පහරදීම නිසා ඒ මහතාගේ හිසෙහි ඇති තුවාල නිසා ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවනවා.

වැලිවිටිය - දිවිතුර උපුල් මහේෂ්

අම්බලන්ගොඩ - ධර්මදාස සිරිවර්ධන

අනුරාධා හේරත්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements