Advertisement

නවකොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්තවෙමින් ඇති චීනයේ වූහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් රැගෙන එන සඳහා අවදානම් සහගත ගුවන් ගමනක නිරත වූවන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට ඒ ගමන හේතුවෙන් දැඩි අර්බුධකාරී තත්ත්වයකට මුහුණ පාන්නට සිදුව තිබේ.

එම කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකුගේම දරුවන්ට පාසල් වලට ඇතුළු වීමට විදුහල්පතිවරුන් විසින් අවසර දී නැත. එමෙන්ම දෙමාපියන්ද විරුද්ධ වී තිබේ.

ඊට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ කොරෝනා ආසාදිත යැයි සැලකෙන පිරිසක් රැගෙන ඒම හේතුවෙන් ඔවුන්ගෙන් තම දරුවන්ට එම වෛරසය ආසාදනය වේ යයි බිය හේතුවෙනි.

මේ සම්බන්ධයෙන් සමාජ ජාල වල මෙන්ම කොළඹ පැවති මාධ්‍ය හමු කිහිපයකදී දැඩි විරෝධය එල්ල විය

මේ අතර එම කාර්ය මණ්ඩලයේ ඇතැමුන්ට කටුනායක ගුවන්තොටුපල ආසන්නයේ ප්‍රධාන පෙළේ හෝටලයක නවාතැන් පහසුකම් දීම ප්‍රතික්ෂේප කර ඇත්තේ කොරෝනා වෛරස් ආසාධිත වී ඇතැයි සැක මතයි.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements