Advertisement

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත්ව කොළඹ බාරොන් ජයතිලක මාවතේ ගරා වැටෙමින් පවතින ගොඩනැගිල්ල රුපියල් මිලියන පනහක් වියදම් කර පිළිසකර කිරීම සඳහා ලහිලහියේ ටෙන්ඩර් කැඳවීමට ශ්‍රීලන්කන් ප්‍රධානියකු සූදානම් වන බව අනාවරණය වනවා.

මෙම ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට ටෙන්ඩර් කැඳවීමට පෙර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති ​අශෝක් පතිරගේ ඇතුළු ඉහළ නිලධාරීන් බාරෝන් ජයතිලක මාවතේ ගොඩනැගිල්ල පරීක්ෂාවට රැගෙන යාමට අදාළ ප්‍රධානියා සැලසුම් කර තිබුණු අතර පසුගිය සෙනසුරාදා (22) සභාපතිවරයා පැමිණ නොතිබිණු බවයි වාර්තා වන්නේ.

රීජනල් බිල්ඩින් නමින් ප්‍රසිද්ධ මෙම ගොඩනැගිල්ලේ වහල හා බිත්ති විටින් විට කඩාවැටීම නිසා එය සම්පූර්ණයෙන්ම කඩා ඉවත් කර නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මීට පෙර අධ්‍යක්ෂ මණ්ඩලයට යෝජනා වී තිබුණා.

තවත් වසර තුනකින් පමණ සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ අවදානමක් ඇති මෙම ජරාවාස වූ ගොඩනැගිල්ල හදිසියේම රුපියල් මිලියන 50ක් වියදම් කර අලුත්වැඩියා කිරීමට පසුගිය සතියේදී යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ මීට පෙර දූෂණ චෝදනා එල්ල වූ ඉහළ නිලධාරියෙක් බවයි වාර්තා වන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements